උතුරු කොරියාවෙන් අද (20) දකුණු කොරියාවට රොකට් ප‍්‍රහාරයක් එල්ල විය. එයට ප‍්‍රතිප‍්‍රහාර වශයෙන් දකුණු කොරියාව ද උතුරු කොරියාවට රොකට් ප‍්‍රහාරයක් එල්ල කළේය.
ප‍්‍රහාර එල්ල වූයේ දෙරටේ දේශසීමා ප‍්‍රදේශවලටය. ඒවායින් හානියක් සිදුවුණු බවක් ඊයේ රාති‍්‍රය වනතුරු වාර්තා නොවිණි. ප‍්‍රහාරයෙන් පසු උතුරු සහ දකුණු කොරියා හමුදා දේශසීමාවේ සීරුවෙන් තැබුණු බව ද වාර්තා විය. දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ එක් වී යුද අභ්‍යාසයක් පවත්වයි. එය වාර්ෂිකව සිදු කරන්නකි.
උතුරු කොරියාව ඊට දැඩි ලෙස විරෝධය දක්වයි. රොකට් ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ද එසේ විරෝධය පෑමක් ලෙස යැයි යුද විශ්ලේෂකයෝ කියති.
කොරියා අර්ධද්වීපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා එම යුද අභ්‍යාසය පවත්වන බව දකුණු කොරියාව පවසා ඇත.
උතුරු කොරියාව පවසන්නේ බටහිර රටවල් සමඟ එක් වී යුද අභ්‍යාසය පැවැත්වීම කලාපීය ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු හා දකුණු කොරියා යළි ඇවිලෙයි
ටුආන් Friday, 21 August 2015 04:05 AM
මේවායේ අවසානයක් දකින්නේ කවදාද? (නි)