උතුරු කොරියාවෙන් අද (20) දකුණු කොරියාවට රොකට් ප‍්‍රහාරයක් එල්ල විය. එයට ප‍්‍රතිප‍්‍රහාර වශයෙන් දකුණු කොරියාව ද උතුරු කොරියාවට රොකට් ප‍්‍රහාරයක් එල්ල කළේය.
ප‍්‍රහාර එල්ල වූයේ දෙරටේ දේශසීමා ප‍්‍රදේශවලටය. ඒවායින් හානියක් සිදුවුණු බවක් ඊයේ රාති‍්‍රය වනතුරු වාර්තා නොවිණි. ප‍්‍රහාරයෙන් පසු උතුරු සහ දකුණු කොරියා හමුදා දේශසීමාවේ සීරුවෙන් තැබුණු බව ද වාර්තා විය. දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ එක් වී යුද අභ්‍යාසයක් පවත්වයි. එය වාර්ෂිකව සිදු කරන්නකි.
උතුරු කොරියාව ඊට දැඩි ලෙස විරෝධය දක්වයි. රොකට් ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ද එසේ විරෝධය පෑමක් ලෙස යැයි යුද විශ්ලේෂකයෝ කියති.
කොරියා අර්ධද්වීපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා එම යුද අභ්‍යාසය පවත්වන බව දකුණු කොරියාව පවසා ඇත.
උතුරු කොරියාව පවසන්නේ බටහිර රටවල් සමඟ එක් වී යුද අභ්‍යාසය පැවැත්වීම කලාපීය ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායේ අවසානයක් දකින්නේ කවදාද? (නි)