පැයට කිලෝමීටර් 225ක වේගයෙන් ගමන් කරමින් හයිමා සුළි කුණාටුව පිලිපීනයේ උතුරු දිග කාගයාන් ප්‍රදේශයට ඇතුළු වී ඇති බව වාර්තා වේ.
සුළි කුණාටුවේ බලපෑමට ලක්වීමට ඉඩ ඇති ප්‍රදේශයේ දහස් ගණනක් ජනතාව ඉවත් කළ බව පිලිපීන බලධාරීහු පවසති. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ ප්‍රදේශයේ නිවාස හා වෙනත් ගොඩනැගිලි බොහොමයක් විනාශ වී ඇති බවත් මියගිය අය සම්බන්ධව තවමත් වාර්තා වී නැති බවයි.
දින කිහිපයකට පෙර සාරිකා සුළිකුණාටුවෙන් පිලිපීනයේ බොහෝ ප්‍රදේශ වලට විපත් සිදුවිය. මෙවැනි සුළිකුණාටු 20ක පමණ වසරකට පිලිපීනය හරහා හමා යන බව පැවසේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd