දකුණු කොරියාව සමඟ පවතින සියලු සන්නිවේදන සම්බන්ධතා නතර කරන බව උතුරු කොරියාව පවසයි.
දකුණු කොරියාව සිය සතුරෙකු ලෙස සැලකීමේ ක්‍රියාමාර්ගවල එක් පියවරක් ලෙස මෙය සිදුකරන බව උතුරු කොරියාව සඳහන් කරයි.
උතුරු හා දකුණු කොරියානු සම්බන්ධීකරණ කාර්යාලය ඔස්සේ දෙරටේ බලධාරීන් අතර පවත්වාගෙන යන ලද සන්නිවේදන සම්බන්ධතා අද මධ්‍යහ්න 12 සිට කපා දැමෙනු ඇත.
මෙම සම්බන්ධතා කාර්යාලය කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේදී තාවකාලිකව වසා දමනු ලැබීය.
යුද සන්නිවේදන කටයුතු ද මෙහිදී නවතා දමන බව උතුරු කොරියාව පැවසීය.
දෙරටේ නායකයින් ද තුන් වරක් මුණගැසීමෙන් පසු 2018 වසරේ සිට දෙරට අතර යහපත් සම්බන්ධතා ඇති වන තත්ත්වයක් දක්නට ලැබුණි.
කෙසේ වෙතත් දශකයක කාලයක් තුළ එවැනි ඉහළ මට්ටමේ එවැනි ඉහළ පෙළේ රැස්වීම් නොපැවැත්වුණි.
(බීබීසී ඇසුරෙනි)
-226-
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
උතුරු-දකුණු කොරියාව අතර සන්නිවේදනය නවතී