තම රට ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ සැකයක් පවතින බවට දකුණු කොරියාව උතුරු කොරියාවට චෝදනා කරයි. මේ මාසයේ උතුරු කොරියාව අත්හදා බැලූ න්‍යෂ්ඨික පරීක්ෂණ සම්බන්ධයෙන් එක්සත් ජාතීන් සම්බාධක ද පැනවීය.
දකුණු කොරියාව තවදුරටත් සිය ආරක්ෂක හමුදාව තර කර තිබෙන අතර සයිබර් සංඥා පිළිබඳවද වැඩි අවධානයක් යොමු කර ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.
මේ අවස්ථාවේ උතුරු කොරියාවේ ක්‍රියාදාමයන් පිළිබඳ සැක මතුවන බව දකුණු කොරියාවේ අමාත්‍යංශ ප්‍රකාශකයකු කීය. බලධාරීහු වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් සොයාගත් තොරතුරු හෙළි කර නැති බවත් වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd