උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් යවා ඇතැයි වාර්තා වේ. මෙය සති දෙකක කාලයක් ඇතුලත උතුරු කොරියාව විසින් ජපානයට ඉහලින් යවන ලද දෙවන මිසයිලය වේ.
දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසන්නේ කිලෝමීටර් 770ක පමණ උසකින් ගමන් කල මිසයිලය කිලෝමීටර් 3700ක් දුර ගමන් කර ජපානයේ හොකයිඩො දූපත් වලට එපිටින් ශාන්තිකර සාගරයට පතිත වී ඇති බවයි. මෙය මැදි දුර මිසයිලයක් බවත් කලින් එල්ල කරන ලද මිසයිලයට වඩා වැඩි උසකින් හා වැඩි දුරක් ගමන් කර ඇති බවත් පැවසේ. උතුරු කොරියාව විසින් පහරදෙන බවට අනතුරු ඇඟවූ ඇමරිකාවට අයත් ගුවෑම් දූපත් පිහිටා තිබෙන්නේ ද මෙවැනි දුර ප්‍රමාණයක් ඇතුලත කලාපයකය.
මේ සම්බන්ධව සිය බලවත් විරෝධය පල කර ඇති ජපාන අගමැති ශින්සුවා අබේ පවසා ඇත්තේ උතුරු කොරියාව මෙවැනි භයානක ක්‍රියාදාමයන් දිගින් දිගටම අනුගමනය කරන්නේ නම් ඔවුන්ගේ අනාගතය අඳුරු වනු ඇති බවයි.
උතුරු කොරියාවේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවා වන චීනයත් උතුරු කොරියානු ශ්‍රමිකයන් මත යැපෙන රුසියාවත් උතුරු කොරියාවේ මෙම සාහසික ක්‍රියා සම්බන්ධව සෘජු ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇතැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලේසන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
මේ අතර දකුණු කොරියාව සිය ආරක්ෂක මණ්ඩලය කැඳවා හදිසි සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද වාර්තා වේ.
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්
RD Friday, 15 September 2017 06:53 AM
දැන්නම් ඉවසන්න බැහැ. ප්‍රකාශන නිකුත් නොකර අපේ යුද්ධ ප්‍රකාශ කරන විදේශ ඇමැතිතුමනි...
Don Sunday, 17 September 2017 09:08 AM
චීනේ සහ රුසියාවට කරන්න කොන්දක් නැති දේවල් ඔක්කොම කරගන්න හදන්නේ... මේ අනුවණ, තකතීරු ඒකාධිපති පාලකයා ඉන්න රට මගින්. පව් ඒ රටේ සාමාන්‍ය මිනිස්සු එදා වේල හොයාගන්න දුක් විඳිනවා. පාලකයා පිස්සු කෙලිනවා.. කොහොමද වසර 50 කට කලින් එකම ස්ථානයේ සිටපු දකුණු සහ උතුරු කොරියාවේ දැන් වෙනස. දකුණු කොරියාව ඇමරිකාව සහ ජපානය සමග එකතු වීමෙන් අධිසංවර්ධිත රටක් බවට පත්වී හමාරයි. උතුරු කොරියාව චීනය සහ රුසියාව සමග එකතුවීමෙන් අගාධයට ගිහින් හමාරයි ..