IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්

උතුරු කොරියාව තවත් මධ්‍ය දුර බැලිස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලූ බව දකුණු කොරියා මාධ්‍ය වාර්තා පවසයි.

පළමු අත්හදා බැලීම අසාර්ථකවී ඇති බවත් දෙවැන්නේ සාර්ථකත්වය විශ්ලේෂණය කරමින් තිබෙන බවත් කියති.

න්‍යෂ්ඨික අවි වැඩසටහනක් ලෙස සලකා උතුරු කොරියාව සිදුකරන කුමන ආකාරයේ හෝ බැලස්ටික් මිසයිල අත්හදා බැලීමකට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහනමක් පනවා තිබිණි.



අදහස් (0)

උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්

තුෂාරී Sunday, 26 June 2016 07:52 AM

ඇත්තටම බටහිර රට වල ජීවත් වෙන අය තමන් ඉන්නා රට නමට පසුව දාගෙන ,පුරාජෙරුව පෙන්වන්නේ නැහැ.තමන් පල කරන අදහසුයි වැදගත් වෙන්නේ. (බ)

:       0       0

නිපුන් -එඩින්බර්ග් Saturday, 25 June 2016 12:49 PM

බාලසුරිය මහත්මයා, ඔබ බටහිර යුරෝපයේ රටක ජීවත්වෙනවා නම් අවුරුදු 40ම ඇස කන් නැතුව වෙන්න ඇති ඉන්න ඇත්තේ. යුරෝපය කොටි තහනම් කළේ ලංකාවේ චන්ද්‍රිකා රජය එය තහනම් කරනකොටමයි. (නි)

:       0       0

රිචි බාලසුරිය Saturday, 25 June 2016 05:43 PM

සකුන්තලා පිරිස් ස්කොට්ලන්තය, ඉන්නා රටත් පෙන්නාගෙන එන්නේ ලොකු ආඩම්බරයකින් වගේ. මම,ඉන්නා රට මම දාන්නෙ නැහැ. ගොඩක් ඔය යුරෝපයේ රටවල නම් දාගෙන පෙන්වන අය ඉන්නේ ඩුබායි, කුවේට්, සෞදි වල. එ්කයි මම කියපු දෙය වැටහිලා නැත්තෙ (නි)

:       0       0

ගුණසිංහ Wednesday, 22 June 2016 02:07 PM

ජනතාවට කන්නත් නැහැ ඒ බව කියන්න කට අරින්නත් බැහැ (බ)

:       0       0

දොන් Sunday, 26 June 2016 02:51 AM

බාලසූරිය, මෝඩ කතා කියන්න එපා. ඔයා ඔහෙටම වෙලා ඉන්න. මට හිතාගන්න පුළුවන් ඔයා ඔහෙට වෙලා මොනවද කරන්නේ කියලා. (නි)

:       0       0

කපිල Thursday, 23 June 2016 07:32 AM

අවිආයුධ අත්හදා බැලීම් ගැන මගේ නම් කැමැත්තක් නැහැ. වෙන්නේ විනාශයක් පමණයි (නි)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Thursday, 23 June 2016 12:31 PM

රිචි කවදාවත් දියුණු රටකට ගිහින් නැතුවා වගෙයි.. නැතිනම් ඔය වගේ කතා කියන්නේ නෑ.. ලෝකේ ත්‍රස්ත සංවිධාන ඇත වැඩියෙන්ම ඇත්තේ බටහිර නොව චීනයේ හා රුසියාවේ හැදූ ආයුධ බව නොදන්නවාද? උතුරු කොරියාව වගේ රටකට ආවඩන මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවේ සිටීමත් කනගාටුවක් (බ)

:       0       0

සකුන්තලා පිරිස් ස්කොට්ලන්තය Saturday, 25 June 2016 05:03 AM

රිචි බාලසුරිය මහත්තයෝ, මම නම් කීයටවත් පිළිගන්නේ නැහැ ඔබ අවුරුදු 40ක් ජීවත්වන්නේ බටහිර යුරෝපයේ රටක කියලා. (ර)

:       0       0

නලින් යහම්පත් Wednesday, 22 June 2016 05:17 PM

විජිත්, උතුරු කොරියාවේ මිනිසුන් ඇවිදින අැටසැකිලි වාගේ නොවේ. ඔවුන් හොඳට කාලා බීලා ඉන්නේ. අවශ්‍ය මුලික දේවල් තියෙනවා. නැත්තෙ අපේ රටේ වාගේ මිනිසුන් සහ ජීවිත (නි)

:       0       0

කරු Thursday, 23 June 2016 03:03 PM

ඹය කොමෙන්ට්ස් දාන කවුරුවත් උ. කා‍ෙරියාවට ගිහින් තමන් ග්‍ෙ ඇස් ද‍ැක‍ෙන් දැකලා නැහැ න්‍ෙ. ඒ මිනිස්සුන් ග්‍ෙ තත්වය. (බ)

:       0       0

රංග Friday, 24 June 2016 06:58 AM

උතුරු කොරියාව සමග සාකච්ඡා කිරීමට තමා සුදානම් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කොට තිබෙනවා. ඇමෙරිකාව උ. කොරියාවට අත නොතබන්නේ ඔවුන් සතුව න්‍යෂ්ටික අවි තිබෙන නිසාම පමණක් නොවේ. ජනතාවගෙන් සාතිශය බහුතරය නායකයා සමග සිටින නිසයි. මේ නිසා ට්‍රම්ප්ගේ ප්‍රවේශය වඩාත් ප්‍රායෝගිකය. (බ)

:       0       0

නලින් යහම්පත් Sunday, 26 June 2016 06:07 PM

ලංකාවේ බහුතරයක් හිතන්නේ යුරෝපයේ හෝ ඇමරිකාවේ සිටිනා බව පෙන්වීමට ඉන්නා රට හෝ නගරය දමාගෙන ආවහම ඔවුන් විශේෂ කොටසක් ඔවුන් උගත් කොටසක් කියා පෙපෙයි කියායි. නමුත් ඔය රටවල බහුතරයක් ඉන්නේ තම උපන් මව්බිම පාවාදී සරණාගත විසා වලින් හෝ පසුකලක ගත් එම රටවලින් ලැබෙන පුරවැසිබාවයෙන්. මා මෙය දන්නේ මා ඔවුන් බහුතරයක් දන්නා හෙයිනි (නි)

:       0       0

විජිත් Wednesday, 22 June 2016 06:54 AM

මට හිතෙන විධිහට ආයෙත් වතාවක් මේ ලෝකයේ මහා විනාශකාරී යුද්ධයක් ඉතාම මෑතකදී ඇතිවිය හැකියි උතුරු කොරියාවේ සාමාන්‍ය මිනිසුන් ඇවිදින ඇටසැකිලි ලෙසයි උපමා කළ හැක්කේ.මම ඒ ජනතාවට අපහාස කරනවා නම් නොවෙයි..නමුත් ඇත්ත එයයි.දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා.මිනිසුන් හමුදා සපත්තුවට යටවෙලා, අකමැත්තෙන් වුනත් අපේ රජය දිනේවා කියනවා.(බ)

:       0       0

රිචි බාලසුරිය Thursday, 23 June 2016 08:59 AM

නුවන්, උතුරු කොරියාව පමණක් නොවේ ඔය දියුණු බටහිර රටවල් ඔක්කොම විශාල එළිමහන් යුධ කඳවුරු, එම රටවල් හදන යුධ ආයුද වලින් තමා හැම ත්‍රස්තයම යුද්ධ කරන්නේ, ඒ ගමන් අනික් පැත්තට විකුනන්නෙත්, උතුරු කොරියාව තම කකුල් දෙකෙන් සිට ගැනීමට විශාල මෙහෙයක් කරනවා. (ර)

:       0       0

නුවන් Thursday, 23 June 2016 03:15 AM

නලීන්, ඔබ කොහෙන්ද ලෝකය ගැන දැනගත්තේ? උතුරු කොරියාව කියන්නේ විශාල එළිමහන් යුධ කඳවුරක් (නි)

:       0       0

රිචි බාලසුරිය Friday, 24 June 2016 04:31 PM

නාමල් නිව්යෝර්ක්, මම ජීවත්වන්නේ බටහිර යුරෝපයේ රටක දැනට අවුරුදු 40 ක පමණ කාලයක්. වෙන රටවල් ගන්න එපා. අපේ රටේම තිබුන ත්‍රස්තවාදී අරගලයේ ඔවුන් පාවිච්චි කළේ බටහිර යුරෝපයේ නිෂ්පාදිත අවි ආයුධ සහ නවීන තාක්ෂණ උපකරණ. ඇමරිකාව උදව් කළෙත් තාමත් උදව් කරන්නෙත් ඔවුන්ට සහ ලෝකයේ සිටින ත්‍රස්තයන්ට. ඔබ ඇමරිකාවේ එම රට ගැන විස්තර නොදන්නවා වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 584 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2276 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site