උතුරු කොරියාව තවත් මධ්‍ය දුර බැලිස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලූ බව දකුණු කොරියා මාධ්‍ය වාර්තා පවසයි.

පළමු අත්හදා බැලීම අසාර්ථකවී ඇති බවත් දෙවැන්නේ සාර්ථකත්වය විශ්ලේෂණය කරමින් තිබෙන බවත් කියති.

න්‍යෂ්ඨික අවි වැඩසටහනක් ලෙස සලකා උතුරු කොරියාව සිදුකරන කුමන ආකාරයේ හෝ බැලස්ටික් මිසයිල අත්හදා බැලීමකට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහනමක් පනවා තිබිණි.