උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලීමේ මෙහෙයුම් අද(18) සිදු කළ බව විදෙස් පුවත් සේවා කියයි.

බැලස්ටික් මිසයිල එනම් ගුරුත්ව බලය යොදාගෙන එල්ල කරන මැදිදුර මිසයිලයක් උතුරු කොරියාවේ සුක්චොන් සිට කිලෝමීටර් 800ක් පමණ ඈතින් පිහිටි ජපාන මුහුද දෙසට එල්ල කැරිණි.

පසුගිය ජනවාරි 4 වැනිදා උතුරු කොරියාව සිය හතරවැනි න්‍යෂ්ඨික අත්හදා බැලීම සිදුකළ අතර එයට ලොව පුරා දැඩි විරෝධයක් ද එල්ලවිය.

උතුරු හැංග්හයි ප්‍රාන්තයේ සිට නැගෙනහිර කොරියාවේ පෙනින්සුලා දෙස මීට සතියකට පෙරද උතුරු කොරියාව මිසයිල දෙකක් එල්ල කළේය.