IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


උතුරු කොරියාවෙන් ‘කොවිඩ් 19’ මරණ

උතුරු කොරියාවෙන් පළමු ‘කොවිඩ් 19’ මරණ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කළේ උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමිණි. උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ‘කොවිඩ් 19’ මරණ 6 ක් සිදුවුණු බවය.

මේ වනවිට උතුරු කොරියාව පුරා ‘කොවිඩ් 19’ වයිරසය ව්‍යාප්ත වී ඇති බවත්, 1,87,000 දෙනකු නිරෝධායනයට යොමු කර ඇති මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ. උතුරු කොරියාව, එරට ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය පිළිබඳ ලෝකයට දැනුම් දුන්නේ ඊයේ (12) ය.

ඊයේ දිනයේ පමණක් උණ රෝගීන් 18,000 ක් නිරෝධානයනට යොමු කළ බව පැවැසිණි. ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බව ද උතුරු කොරියානු රජය වැඩි දුරටත් කියා සිටියේය.

පසුගිය අප්‍රේල් මාසයේ සිට උතුරු කොරියාව පුරා උණ රෝගයක් ව්‍යාප්ත වී ඇත. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන ආකාරයට එම උණ රෝගයක ‘කොවිඩ් 19’ වයිරසයයි.

උතුරු කොරියාවේ ජනගහනය මිලියන 25 ක් වන අතර, ඔවුන් කිසිවකුවත් ‘කොවිඩ් 19’ සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන නැත.

න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල උදහසට ලක් වී, බටහිර රටවල් පැනවූ සම්බාධක හේතුවෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බැවින්, උතුරු කොරියාවේ සෞඛ්‍ය පද්ධතිය ද දරුණු ලෙස කඩා වැටීමකට ලක් වී ඇත.

එහෙයින්, ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වයක් හටගත්තොත්, උතුරු කොරියානු දරුණු අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.

‘කොවිඩ් 19’ වසංගතය ආරම්භයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනය සහ රුසියාව උතුරු කොරියානුවන්ට එන්නත් නොමිලේ ලබා දීමට උත්සාහ කළ නමුත් උතුරු කොරියාව එම එන්නත් ප්‍රතික්ෂේප කළේය.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ එරට ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ද අතරේ විශේෂ හමුවක් පැවැත්වුණු බව ද වාර්තා වේ. ඒ, ‘කොවිඩ් 19‘ වසංගත තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙනි.

වයිරස ව්‍යාප්තිය හැකිතාක් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ පැනැවීම සහ ‘ලොක්ඩවුන්‘ කිරීම් සම්බන්ධයෙන් මෙහිදී අවශ්‍ය තීන්දු තීරණ ගත් බව පැවැසෙයි. ආසාදිතයන් සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීමේ නව වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට උතුරු කොරියානු නායකයා උපදෙස් ලබා දී තිබේ.

‘කොවිඩ් 19‘ වසංගතයේ මූලාරම්භය චීනයයි. චීනය උතුරු කොරියාවේ එක් අසල්වැසියකු වන අතර, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සම්බාධක පනවා තිබියදී, උතුරු කොරියාව සබඳතා පවත්වන ප්‍රධාන රාජ්‍යය වන්නේ ද චීනයයි.

කෙසේ නමුත් චීනයේ ‘කොවිඩ් 19‘ වසංගත තත්ත්වයක් නිර්මාණය වූ සැණින්, උතුරු කොරියාව චීනය සමඟ සබඳතා අත්හිටුවා දේශසීමා සියල්ල වසා දැමීය. උතුරු කොරියාවේ සිටි සියලු විදේශිකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ආපසු යැවීමට ද පියවර ගත්තේය. දේශසීමා පසු කර උතුරු කොරියාවට පිවිසෙන පුද්ගලයන්ට වෙඩි තැබීමට පවා උතුරු කොරියානු හමුදාව කටයුතු කළේය.

මෙසේ දේශසීමා වසා දැමීමෙන් උතුරු කොරියාව තව තවත් ලොවෙන් හුදෙලා වූ අතර දැඩි ආර්ථික සහ ආහාර අර්බුදයකට ද ලක් විය. කෙසේ නමුත් 2019 සිට මේ දක්වා කිසිදු ‘කොවිඩ් 19‘ රෝගියකු වාර්තා වී නොතිබුණි.

(රොයිටර්)



අදහස් (0)

උතුරු කොරියාවෙන් ‘කොවිඩ් 19’ මරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 543 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site