ඇමෙරිකා එක්සත් ජනපදය දිගින් දිගටම තම න්‍යෂ්ටික අවි ආයුධ එකතුව අත්හරින්නැයි බලපෑම් කළහොත් තම නායක කිම් ජොන්ග් උන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව අවලංගු කරන්නේ යැයි උතුරු කොරියාව අද (16) අනතුරු ඇඟවීය.
ට්‍රම්ප් පරිපාලනය දිගින් දිගටම න්‍යෂ්ටික අවි අත්හළ යුතු යැයි බලපෑම් කළහොත් තම රටට ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි උතුරු කොරියාවේ පළමු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කිම් කයි ග්වෝන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
උතුරු කොරියාව සම්පූර්ණ න්‍යෂ්ටික අවිහරණයකට ගමන් කළ යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නොකඩවා ප්‍රකාශ කරන නමුත් උතුරු කොරියාව ඒ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි ප්‍රකාශයක් කර නොමැත.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පසුගිය අප්‍රේල් 27 වැනි දා හමු වී සාකච්ඡා පැවැත්වූ අතර එහිදි උතුරු කොරියානු නායකයා කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කරන බවට සහතිකයක් දුන්නේය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර හමුව ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය.
ඒ.එෆ්.පී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඇමෙරිකාව එයාලගේ තුප්පහි දේවල් නතර කරන්නේ කවද්ද