IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


උතුරු කොරියාවට සම්බාධක පනවයි

උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය හිමි ව තිබේ. එරට මිසයිල වැඩසටහනට විරෝධය පාමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ.

සම්බාධකවලට අනුව උතුරු කොරියාවේ අපනයනවලට තහනමක් පැනවෙන අතර උතුරු කොරියාව තුළ කෙරෙන ආයෝජන ද සීමා කිරීමට නියමිතය.  

මෑත ඉතිහාසයේ රටකට පැනවූ දරුණුතම සම්බාධක මෙම සම්බාධක යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත නිකී හේලී ප්‍රකාශ කළාය.

උතුරු කොරියාව ජූලි මාසයේදී අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලූ අතර එම මිසයිලවලට ඇමෙරිකාවට ළඟා විය හැකි යැයි ද උතුරු කොරියාව නිවේදනය කළේය. කෙසේ නමුත් එම මිසයිලවලට ඇමෙරිකාවට ළඟා විය හැකි ද යන්න සම්බන්ධයෙන් සැකයක් ඇතැයි ද විශේෂඥයෝ ප්‍රකාශ කරති.

උතුරු කොරියාව අත්හදා බැලූ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල දෙක දකුණු කොරියාව, ජපානය සහ ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතු වූ අතර මෙම සම්බාධාක පැනවීමට හේතු වූයේ ද එම මිසයිල අත්හදා බැලීම් දෙකයි.
 
ඒ.එෆ්.පී/රොයිටර් 055
 



අදහස් (0)

උතුරු කොරියාවට සම්බාධක පනවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site