උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය හිමි ව තිබේ. එරට මිසයිල වැඩසටහනට විරෝධය පාමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ.
සම්බාධකවලට අනුව උතුරු කොරියාවේ අපනයනවලට තහනමක් පැනවෙන අතර උතුරු කොරියාව තුළ කෙරෙන ආයෝජන ද සීමා කිරීමට නියමිතය.
මෑත ඉතිහාසයේ රටකට පැනවූ දරුණුතම සම්බාධක මෙම සම්බාධක යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත නිකී හේලී ප්‍රකාශ කළාය.
උතුරු කොරියාව ජූලි මාසයේදී අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලූ අතර එම මිසයිලවලට ඇමෙරිකාවට ළඟා විය හැකි යැයි ද උතුරු කොරියාව නිවේදනය කළේය. කෙසේ නමුත් එම මිසයිලවලට ඇමෙරිකාවට ළඟා විය හැකි ද යන්න සම්බන්ධයෙන් සැකයක් ඇතැයි ද විශේෂඥයෝ ප්‍රකාශ කරති.
උතුරු කොරියාව අත්හදා බැලූ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල දෙක දකුණු කොරියාව, ජපානය සහ ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතු වූ අතර මෙම සම්බාධාක පැනවීමට හේතු වූයේ ද එම මිසයිල අත්හදා බැලීම් දෙකයි.
ඒ.එෆ්.පී/රොයිටර් 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd