
තමන්ට රිසි පරිදි, මිසයිල අත්හදා බැලීම් කිරීමටත්, න්‍යෂ්ටික අවි තැනීමටත් උතුරු කොරියාවට සහාය ලබා දෙන්නේ චීනය සහ රුසියාව යැයි ඇමෙරිකාව චෝදනා කරයි.
ඇමෙරිකාව මෙසේ චෝදනා කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවේය. චීනයත් රුසියාවත් ඇමෙරිකාව සේම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන්ය.
‘උතුරු කොරියාව ලෝකයට ඔවුන්ගේ බලය සහ ශක්තිය පෙන්වන්නේ චීනයේත් රුසියාවේත් ආරක්ෂකාවත් රැකවරණයත් ඔවුන්ට ලැබෙන බැවින්. චීනය සහ රුසියාව ආරක්ෂක කවුසිලයේ නිත්‍ය සාමාජිකයන්. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියා කලාපය ගැන සතුටු වෙන්න බැහැ.’ යැයි එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපතිනී ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් පැහැදිලි කර තිබේ.
පසුගිය 4 වැනිදා උතුරු කොරියානු හමුදාව, ජපානයට තර්ජනයක් වන අයුරින් දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීය. එම මිසයිල අත්හදා බැලීම ලෝක සාමයට තර්ජනයක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ද චෝදනා නැගුවේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඒ අයට ඒ ඒ අයගේ යහළු මිත්‍රයෝ