IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


උතුරු කොරියාවට එරෙහිව පියවර ගන්නැයි ඇමෙරිකාව ඉල්ලයි

උතුරු කොරියාවට එරෙහිව ගත හැකි දැඩිම පියවර ගන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය අද (4) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට අවධාරණය කළේය. 
 
උතුරු කොරියාව සිදු කරන ලද සයවැනි සහ මෙතෙක් කරන ලද වඩාත් බලසම්පන්නම න්‍යෂ්ටික අත්හදා බැලීම සම්බන්ධයෙන් කැඳවා තිබූ එක්සත් ජාතීන්ගේ හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී ඇමෙරිකා නියෝජිතවරිය ඒ බව ප්‍රකාශ කළාය.  
 
“රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ අර්බුදය විසඳා ගත හැක්කේ උතුරු කොරියාවට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණයි” යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමේදී අදහස් දක්වමින්   නිකී හේලී කීවාය. 
 
උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම නවත්වනවා මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව වාර්ෂිකව සිදු කරන යුද අභ්‍යාස තාවකාලිකව නවතා දැමිය යුතු යැයි සඳහන් කරමින් චීනය ද ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර නිකී හේලි එම යෝජනාවට අපහාස වනු අයුරින් අදහස් දැක්වූ බව ද වාර්තා විය. 
 
“දරුණු රෙජීමයක් ඔබ දෙසට න්‍යෂ්ටික අවි හා අන්තර්මහද්වීපික බැලැස්ටික මිසයිල අමෝරාගෙන සිටිනවා. එවැනි අවස්ථාවක තමන්ගේ ආරක්ෂාව අඩු කරන්න කවුරුවත් සූදානම් නැහැ. කවුරුවත් එහෙම කරන්නේ නැහැ. අපි කොහොමටවත් එහෙම කරන්නේ නැහැ” යැයි ඇය අවධාරණය කළාය. 
 
ඒ.එෆ්.පී 055



අදහස් (0)

උතුරු කොරියාවට එරෙහිව පියවර ගන්නැයි ඇමෙරිකාව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site