උතුරු කොරියාවට එරෙහිව ගත හැකි දැඩිම පියවර ගන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය අද (4) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට අවධාරණය කළේය.
උතුරු කොරියාව සිදු කරන ලද සයවැනි සහ මෙතෙක් කරන ලද වඩාත් බලසම්පන්නම න්‍යෂ්ටික අත්හදා බැලීම සම්බන්ධයෙන් කැඳවා තිබූ එක්සත් ජාතීන්ගේ හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී ඇමෙරිකා නියෝජිතවරිය ඒ බව ප්‍රකාශ කළාය.
“රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ අර්බුදය විසඳා ගත හැක්කේ උතුරු කොරියාවට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණයි” යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමේදී අදහස් දක්වමින් නිකී හේලී කීවාය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම නවත්වනවා මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව වාර්ෂිකව සිදු කරන යුද අභ්‍යාස තාවකාලිකව නවතා දැමිය යුතු යැයි සඳහන් කරමින් චීනය ද ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර නිකී හේලි එම යෝජනාවට අපහාස වනු අයුරින් අදහස් දැක්වූ බව ද වාර්තා විය.
“දරුණු රෙජීමයක් ඔබ දෙසට න්‍යෂ්ටික අවි හා අන්තර්මහද්වීපික බැලැස්ටික මිසයිල අමෝරාගෙන සිටිනවා. එවැනි අවස්ථාවක තමන්ගේ ආරක්ෂාව අඩු කරන්න කවුරුවත් සූදානම් නැහැ. කවුරුවත් එහෙම කරන්නේ නැහැ. අපි කොහොමටවත් එහෙම කරන්නේ නැහැ” යැයි ඇය අවධාරණය කළාය.
ඒ.එෆ්.පී 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd