(රොයිටර් ඇසුරිණි- 055)
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලෙස උතුරු කොරියාවට එරෙහිව දැඩි පියවර ගැනීම සඳහා ඇමෙරිකාව සහ චීනය සාකච්ඡා පවත්වා ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
සාමාජිකයන් 15 දෙනකුගෙන් යුත‍් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම්වලට විරෝධය පළ කරමින් නිවේදනයක් ද නිකුත් කර ඇත.
උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනය කොතරම් විවෘත ද යන්න පැහැදිලි නොවීය. උතුරු කොරියාව මෑතකාලීනව කරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ දිගු දුර රොකට් විදින අවි දෙකක් අත්හදා බැලීම සම්බන්ධයෙන් සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තීරණය කර ඇත.
උතුරු කොරියාවට පළමු වරට සම්බාධක පැනවූයේ 2006 වසරේදීය. දකුණු කොරියාවට අනුව උතුරු කොරියාව පසුගිය වසරේදී මිසයිල අත්හදා බැලීම් වේගවත් කර තිබේ. එමෙන්ම විවිධ වර්ගයේ රොකට් විදින අවි ද අත්හදා බලා ඇත. මෑතකදී උතුරු කොරියාව කරන ලද මිසයිල අත්හදා බැලීමක් අසාර්ථක වූ අතර ඉන් අනතුරුව උතුරු කොරියාවට දැඩි සම්බාධක පැනවීම් සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේ අවධානය යොමු විය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයන් හමු වීමට ඇමෙරිකාව සහ චීනය වෙන වෙනම සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා විය. එය සාම්ප්‍රදායිකව සිදු වන්නකි. මෙවර ද උතුරු කොරියාව සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේ සියලු රටවල් එක්ව පොදු තීරණයක් ගැනීමට ඇමෙරිකාව හා චීනය සාකච්ඡා ආරම්භ කර ඇතැයි තවදුරටත් වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd