උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ යෝජනා ද උල්ලංඝණය කරමින් සිව් වැනි වරටත් න්‍යෂ්ඨික අත්හදාබැලීමක් සිදු කිරීම තරයේ හෙළා දකින බව දකුණු කොරියාව කියයි.
තම දිගු කාලීන සතුරාට පිළිතුරු දීමට හැකි සියලු දෑ සිදු කරන බව ද දකුණු කොරියාව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කරයි.
“උතුරු කොරියාව අපගේ හා ජාත්‍යන්තර ප්‍රජාවගේ අනතුරු අගවීම් නොසලකා හරිමින් එකසත් ජාතීන්ගේ යෝජනාද උල්ලංගනය වන අයුරින් සිව්වෙනි වතාවටත් න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකිරීම තරයේ හෙළාදකිනවා”යැයි දකුණු කොරියානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.
උතුරු කොරියාවේ ක්‍රියාවත් සමගම සමිප රටවල කැළඹිලි සහගත තත්වයක් උදාවී ඇති අතර එවැනි ප්‍රබල අවියක් නිෂ්පාදනයක් කලාද යන්න සැක සහිත බව විදෙස් ආරංචි මාර්ග මත පල කරයි. ලොව අනෙකුත් රටවල් වලට තම හමුදා ශක්තිය උපුටා දැක්වීමට කරන ලද ප්‍රකාශයක් යැයි ඇතැම් රටවල් ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් විද්යාඥයන් ප්‍රකාශ කරන්නේ හයිඩ්‍රජන් බෝම්බයක් හිරෝෂිමා-නාගසාකි බෝම්බයට වඩා 100 ගුණයක් පමණ බලවත් බවයි... එමෙන්ම මෙම අත්හදා බැලීම සිදු වූ ස්ථානය අසල රික්ටර් මාපක 5.1 ක ප්‍රබලත්වයක් ඇති භූ කම්පනයක් සිදු බව දකුණු කොරියානු කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කොට ඇත. එම නිවේදනය නිකුත් කොට තිබෙන්නේ උතුරු කොරියාව තම ප්‍රකාශය නිකුත් කිරීමට ප්‍රථමව බව විදේශ මාර්ග අනාවරණය කරයි.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාවට උත්තර දෙන්න දකුණු කොරියාව සැරසෙයි
දුමින්ද Thursday, 07 January 2016 03:12 PM
විජිත්, ඔබ විශිෂ්ටයි (නි)
විජිත් Thursday, 07 January 2016 11:06 AM
පරමාණු බෝම්බයක සිදුවන නයෂ්ටික ප්‍රතික්‍රියාවට හාත්පසින්ම වෙනස් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් වන " විලයන " හෙවත් පරමාණු න්‍යෂ්ටින් 2 ක් එක් කිරීමෙන් හීලියම් සහ නියුට්‍රෝන සමග පරමාණු බෝම්බයක් මෙන් 100 ගුණයකටත් වැඩි ඇති විශාල ශක්තියක් තාපය ලෙසින් පිටකරන න්‍යෂ්ටික බෝම්බයයි " ජලකර බෝම්බය කියන්නේ. හයිඩ්‍රජන් වල සමස්ථානික දෙකක්වන ඩියුටිරියම් සහ ට්‍රිටියම් මගින් පිටවන හයිඩ්‍රජන් නයෂ්ටින් දෙකක් එක්කර හීලියම් සැදීමට අතිවිශාල තාපයක් අවශ්‍යයි. ඒ සඳහා සැම ජලකර බෝම්බයකම අභ්‍යන්තරයේ පරමාණු බෝම්බයක් සවිකරනවා. පළමුව පරමාණු බෝම්බර පිපිරීමෙන් ලැබෙන තාපයෙන් " ජලකර " හෙවත් හයිඩ්‍රජන් බෝම්බයේ තාප නයෂ්ටික ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මෙයින් සිදුවන විනාශය අපි කවුරුත් දන්නවනේ. මෙයට" ජලකර" බෝම්බයයි කියන්නේ හයිඩ්‍රජන් වල සමස්ථානික ඉන්ධන වශයෙන් උපයෝගිකරගන්නා නිසයි. (අපේ භාෂාවෙන් හයිඩ්‍රජන් වලට ජලකර කියලානේ කියන්නේ ) ඔබයි මමයි ඉපදුනදා සිටම හැමදාම දකින ජලකර බෝම්බයක් තියෙනවා. ඒ තමයි අපේ " හිරු " . හිරුගේ සිදුවන්නේ අපි මේ කතා කරපු හයිඩ්‍රජන් බෝම්බයේ සිදුවන තාප න්‍යාෂ්ටික ප්‍රතික්‍රියාවමයි. එතකොට අපිට හිතාගන්න පුළුවන් නේද මේ බෝම්බයෙන් සිදුවන මහත්වූ විනාශය. (ර)
විජිත් Friday, 08 January 2016 04:41 PM
අනිල්,රිචි,දුමින්ද,ඔස්කා,..ස්තුතියි. අනාගතයේදීත් ඔයගොල්ලන්ට ගැටලුවක් වන විද්‍යාවට හා තාක්ෂණයට සම්බන්ධ ප්‍රශ්න තිබේනම්, මගෙනුත් මේ පිටුවෙන් අහන්න අමතක කරන්න එපා.මට හැකි උපරිමයෙන් විස්තර කරලා දෙන්නම්. ආයෙත් වතාවක් ඔයගොල්ලන්ට ස්තුතියි. (අ)
අනිල් Friday, 08 January 2016 03:59 AM
විජිත් ඔබගේ පහැදිලි කිරීම බොහොම වටිනවා (අ)
ඔස්කා Thursday, 07 January 2016 12:40 PM
විජිත්, බැර ජලය කියන්නේ මොනවාද.? ඒවා ජලකර බෝම්බය හදන්න පාවිච්චි කරනවාද.? කරුණාකරලා ටිකක් පහදලා දෙනවාද.? (ර)
විජිත් Thursday, 07 January 2016 01:13 PM
ඔස්කා, ඔබ හරි හයිඩ්‍රජන් බෝම්බය හදන්න බැර ජලය යොදාගන්නවා. මේ බැර ජලය කියන්නේ මගේ සටහනේ කියලා තිබුන හයිඩ්‍රජන් සමස්ථානික ඔක්සිජන් සමග එක්වෙලා හදන ජලයයි. ඒ කියන්නේ ඩියුටිරියම් ඔක්සයිඩ් කියන ජලයයි. ජලය කීවාට අපි සාමාන්‍ය ජීවිතයේදී බොන ජලය නොවෙයි. බැර ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමිටරයකට ග්‍රෑම් 1.1 යි. සාමන්‍යය ජලයේ ඝනත්වය 1 යි. අපි බොන ජලයේ තියෙන්නේ " ප්රෝටියම් " කියන හයිඩ්‍රජන් වර්ගයයි. ජලකර බෝම්බයේ විලයන ප්‍රතික්‍රියාවට අවශ්‍ය හයිඩ්‍රජන් න්‍යෂ්ටි 2ක ලබාදෙන්නේ ඔයා කියන බැර ජලයෙන් නොහොත් ඩියුටිරියම් ඔක්සයිඩ් වලින්. (ර)
රිචි බාලසුරිය Thursday, 07 January 2016 07:48 PM
විජිත්, ඔය ඔපමණ වියදම් දරා තාක්ෂණය යොදා සාදන පරමාණු බෝම්බ හෝ ජාලකර බෝම්බ වලට වඩා ලෝකයම අවුලන බෝම්බ අපේ රටේ තිබෙනවා. ඕපාදුප කියනා ගැහැණු දෙන්නෙක් අපේ රටෙන් ඇරියොත් ඕවා පරාදයි (නි)