උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ යෝජනා ද උල්ලංඝණය කරමින් සිව් වැනි වරටත් න්‍යෂ්ඨික අත්හදාබැලීමක් සිදු කිරීම තරයේ හෙළා දකින බව දකුණු කොරියාව කියයි.

තම දිගු කාලීන සතුරාට පිළිතුරු දීමට හැකි සියලු දෑ සිදු කරන බව ද දකුණු කොරියාව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කරයි.

“උතුරු කොරියාව අපගේ හා ජාත්‍යන්තර ප්‍රජාවගේ අනතුරු අගවීම් නොසලකා හරිමින් එකසත් ජාතීන්ගේ යෝජනාද උල්ලංගනය වන අයුරින් සිව්වෙනි වතාවටත් න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකිරීම තරයේ හෙළාදකිනවා”යැයි දකුණු කොරියානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

උතුරු කොරියාවේ ක්‍රියාවත් සමගම සමිප රටවල  කැළඹිලි සහගත තත්වයක් උදාවී ඇති අතර   එවැනි ප්‍රබල අවියක් නිෂ්පාදනයක්  කලාද යන්න සැක සහිත බව විදෙස් ආරංචි මාර්ග මත පල කරයි.  ලොව අනෙකුත් රටවල් වලට තම හමුදා ශක්තිය උපුටා දැක්වීමට කරන ලද ප්‍රකාශයක් යැයි ඇතැම් රටවල් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් විද්යාඥයන් ප්‍රකාශ කරන්නේ හයිඩ්‍රජන් බෝම්බයක් හිරෝෂිමා-නාගසාකි බෝම්බයට වඩා 100 ගුණයක් පමණ බලවත් බවයි... එමෙන්ම මෙම අත්හදා බැලීම සිදු වූ ස්ථානය අසල රික්ටර් මාපක 5.1 ක ප්‍රබලත්වයක් ඇති භූ කම්පනයක් සිදු බව දකුණු කොරියානු කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කොට ඇත. එම නිවේදනය නිකුත් කොට තිබෙන්නේ උතුරු කොරියාව තම ප්‍රකාශය නිකුත් කිරීමට ප්‍රථමව බව විදේශ මාර්ග අනාවරණය කරයි.