උතුරු කොරියානු රජයේ ඉහළ ප්‍රධානීන් පස් දෙනකුට එරෙහිව සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.
සම්බාධක පනවමින්, ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, උතුරු කොරියාව පසුගිය දා සිදු කළ මිසයිල අත්හදා බැලීමට විරෝධය පළ කරමින් එසේ සම්බාධක පමුණුවන බවය.
උතුරු කොරියාව නව මිසයිලයක් අත්හදා බැලුවේ පෙරේදා (11) ය. එය තවත් හයිපර් සොනික් වර්ගයේ වේගවත්, දිගු දුර මිසයිලයක් බවත්, මිසයිල අත්හදා බැලීම සාර්ථක වූ බවත් උතුරු කොරියාව පවසයි.
මෙය උතුරු කොරියාවේ තෙවැනි හයිපර් සොනික් මිසයිල අත්හදා බැලීම වන අතර මෙම 2022 වසරේ සිදු කළ දෙවැනි හයිපර් සොනික් මිසයිල අත්හදා බැලීම ද වෙයි. මීට පෙර මිසයිල අත්හදා බැලීම සිදුවූයේ පසුගිය ජනවාරි 5 වැනිදාය.
හයිපර් සොනික් මිසයිල යනු බැලැස්ටික් මිසයිලවලට වඩා ප්‍රබල අවියකි. බැලැස්ටික් මිසයිල යනු එක් මහද්වීපයකින් තවත් මහද්වීපයකට විදිය හැකි මිසයිල වර්ගයක් වන අතර රේඩාර්වලට හසු නොවී ගමන් කළ හැකිය.
හයිපර් සොනික් යනු බැලැස්ටික් මිසයිලවලටත් වඩා රහසේ රේඩාර් මඟහැර යා හැකි ආකාරයේ මිසයිල වර්ගයකි.
උතුරු කොරියාමේ මෙම නවතම හයිපර් සොනික් මිසයිල අත්හදා බැලීම පිළිබඳ තමන් ද විමසිල්ලෙන් පසුවුණු බව අසල්වැසි දකුණු කොරියාව පමණක් නොව, ජපානය ද පවසා තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් සම්බාධක