සෝල්හිදීය (රොයිටර්)
සාකච්ඡා සඳහා දකුණු කොරියානු පාර්ශවයෙන් ඉදිරිපත් වූ යෝජනාව උතුරු කොරියාව විසින් පිළිගනු ලැබ තිබේ.
මේ අනුව වසර දෙකකට පසු පළමු වරට උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. ඇමෙරිකා සමඟ පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ යුද මෙහෙයුම් නවතා දමන බවට දකුණු කොරියාව නිවේදනය කිරීමත් සමඟ උතුරු කොරියාව දකුණු කොරියාවේ ආරාධනය පිළිගෙන තිබේ.
බොහෝ දුරට මෙම සාකච්ඡා ජනවාරි 8 වැනිදා පැවැත්වෙනු ඇතැයි ප්‍රකාශයට පත්ව තිබුණ ද උතුරු කොරියාව සාකච්ඡා සඳහා එකඟතාව පළ වීමත් සමඟ දින, වේලාව සහ ස්ථානය ද ස්ථීර වී තිබේ.
මේ අනුව ලබන 9 වැනි දා ග්‍රිනිච් මධ්‍ය වේලාවෙන් පැය 0116ට දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. දෙරට අතර අවසන් වරට සාකච්ඡා පැවත්වූයේ 2015 වසරේ දෙසැම්බර් මාසයේදීය.
දෙරටේ නියෝජිතයන් දේශසීමාව ආසන්න තිබෙන පැන්මුන්ජොම් ගම්මානයේදී හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදි අන්තර් කොරියානු සබඳතා වර්ධනය ගැනීම සම්බන්ධයෙන් මෙන්ම දකුණු කොරියාවේ පැවත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි පැවසේ.
සාකච්ඡා සඳහා සහභාගී වන නිලධාරීන් කවුරුන් ද යන්න තවමත් නිවේදනය කර නැති අතර සාකච්ඡාවලදී ලිපිලේඛන හුවමාරු කරගන්නේ ද යනුවෙන් උතුරු කොරියාව සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා මුල පුරන ලද්දේ උතුරු කොරියානු නායකයා. අලුත් අවුරුදු උදාවේදී ප්‍රකාශයක් කරමින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරට අනතුරු ඇඟවුවද කොරියානු අර්ධද්වීපයේ අර්බුද විසඳිය යුතු ප්‍රකාශය කළේය. දකුණු කොරියාවේ පැවත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලට උතුරු කොරියාවෙන් කණ්ඩායමක් ඉදිරිපත් කරන බව ද හෙතෙම කීය. එය ජාත්‍යන්තරයේ අවධානයට ද ලක්විය.
උතුරු කොරියානු නායකයාගේ එම ප්‍රකාශයෙන් පසු ඊට දකුණු කොරියාවෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි වූ අතර දෙරටේ දේශසීමා අතර සන්නිවේදන කටයුතු ද වසර කිහිපයකට පසු නැවත ආරම්භ වී තිබේ. සාකච්ඡා සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා මුලදී විවේචනාත්මක ස්වරූපයෙන් අදහස් දැක් වුවද අර්බුදය විසඳීම සඳහා සාකච්ඡා පැවැත්වීම ඉතා හොඳ දෙයක යැයි පසුව ප්‍රකාශ කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්!!!. අපට තව ටික කලක් ජීවත් වීමේ වාසනාව තියෙනවා වගේ. නැතිනම් ඔය කොහේ හරි යන නියුක්ලියර් බෝම්බ කෑල්ලක් වත් මේ පැත්තට වැටුනොත් කියලා මුලින් මම හිතුවේ...
දකුණු කොරියාව දන්නවා යුද්ධයක් අැති වුණොත් තමනුත් විනාශ වන වග. අැමරිකාව තමයි මේ හැමදේම අවුල් කරන්නේ.... ඔවුන් දැන් වියරු වැටී සිටින්නේ කඩා වැටෙන අාර්ථිකයත් වෙළඳපලත් රැක ගැනීමට. ඔවුන් මෙතෙක් කල් අාධාර දෙන මුවාවෙන් සිදු කලේ, යම් රටකින් සූරා ගන්නා ලාභයෙන් සුළු කොටස් එම රටටම නැවත ලබා දීම. දැන් එ්කත් අසාර්ථකයි. එ්කයි දැන් රටවල් වලට එක්සත් ජාතීන්ට ලබා දෙන අාධාර කපා හරින්නේ... දැන් අැමරිකාවට ඕනේ වෙලා තියෙන්නේ මහා පරිමාණ යුද්ධයක්....