ෆේස්බුක්, ට්විටර් හා යූටියුබ් යන සමාජ මාධ්‍ය භාවිතය උතුරු කොරියාවේ නිල වශයෙන් තහනම් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
තැපැල් හා විදුලිසංදේශ අමාත්‍යවරයා පසුගියදා එම නිවේදනය ප්‍රසිද්ධ කළේය.
උතුරු කොරියාවේ අන්තර්ජාල භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය අවම මට්ටමක පවතී.
මෙම නව තහනමත් සමග වඩාත් අසීරුතාවයට පත්ව ඇත්තේ උතුරු කොරියාවේ සංචාරය කරන විදේශික පිරිස් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
රජය නිවේදනය කළේ යූටියුබ්, ෆේස්බුක්, ට්විටර්, වොයිස් ඔෆ් ඇමරිකා සහ දකුණු කොරියා මාධ්‍ය වෙබ් අඩවි ආදිය නිශ්චිත කාලසීමාවකට තහනම් කළ අන්තර්ජාල වෙබ් අඩවිවලට උදාහරණ බවයි.
එත් සමගම සූදුවට සම්බන්ධ හා ලිංගික වෙබ් අඩවි ද උතුරු කොරියාවේ තහනම් කර ඇත.
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාව සමාජ මාධ්‍ය තහනම් කරයි
රජින්ද Sunday, 03 April 2016 07:32 AM
හැබැයි උ.කොරියාව මේ යන විදිහට ඉස්සරහටම ගියොත් තව අවුරුදු 25කට විතර පස්සේ අවුරුදු 150ක් විතර පරණ ජන ජීවිත පවතින ජීවමාන රටක් මේ ලෝකෙට බිහිවෙයි. (බ)
සනත් ගුණවර්ධන ස්විස් Sunday, 03 April 2016 04:01 PM
රජින්ද මහතාණනි, උතුරු කොරියාව ඒකාධිපති පාලනයක් තිබුණාට දශක ගණනක් තිස්සේ තමන්ගේ අභිමානය තියාගෙන කාටවත් හිස නොනමන, බිය නැති ජාතියක් වශයෙන් ඉන්නවා (නි)
ඩයස් Monday, 04 April 2016 06:29 AM
සනත් ගුණවර්ධන මහත්තයෝ, ඔබ උතුරු කොරියාව ගැන විශේෂඥයෙක් වෙන්න පුළුවනි. එ්ත් ආණ්ඩුවේ අභිමානය ලෝකෙට පරකාස කොරන්න , රටේ ඉන්න ජනතාව කම්බස් කරන එක හරිද? ඔබටත් පරවේණි වහල් මානසික තත්වයක් තිබෙනවා වගෙයි. ආණ්ඩුව කියන්නේ රට නොවෙයි! (බ)
මනෝජ් Monday, 04 April 2016 07:51 AM
සනත් ගුණවර්ධන මහත්තයෝ ඉතින් ඔය ඇමෙරිකන් ගැති ස්විට්සර්ලන්තේ අතහැරලා අභිමානය තියෙන උතුරු කොරියාව වගේ රටකට යන්නකෝ. (බ)
අජිත් කුමාර Monday, 04 April 2016 02:12 PM
ශ්‍රී ලංකාවෙත් එහෙම කරන්න ඕන (බ)