ෆේස්බුක්, ට්විටර් හා යූටියුබ් යන සමාජ මාධ්‍ය භාවිතය උතුරු කොරියාවේ නිල වශයෙන් තහනම් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

තැපැල් හා විදුලිසංදේශ අමාත්‍යවරයා පසුගියදා එම නිවේදනය ප්‍රසිද්ධ කළේය.

උතුරු කොරියාවේ අන්තර්ජාල භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය අවම මට්ටමක පවතී.

මෙම නව තහනමත් සමග වඩාත් අසීරුතාවයට පත්ව ඇත්තේ උතුරු කොරියාවේ සංචාරය කරන විදේශික පිරිස් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

රජය නිවේදනය කළේ යූටියුබ්, ෆේස්බුක්, ට්විටර්, වොයිස් ඔෆ් ඇමරිකා සහ දකුණු කොරියා මාධ්‍ය වෙබ් අඩවි ආදිය නිශ්චිත කාලසීමාවකට තහනම් කළ අන්තර්ජාල වෙබ් අඩවිවලට උදාහරණ බවයි.

එත් සමගම සූදුවට සම්බන්ධ හා ලිංගික වෙබ් අඩවි ද උතුරු කොරියාවේ තහනම් කර ඇත.