උතුරු කොරියානුවන් ප‍්‍රකෝප කිරීමට සමත් වූ, ‘ෆොල් ඊගල්’ නමැති යුද අභ්‍යාසය අත්හැර දැමීමට තමන් තීරණය කළේ යැයි ඇමෙරිකාවත් දකුණු කොරියාවත් ඊයේ (30) නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ සමඟ කොරියානු අර්ධ ද්වීපයේ හටගත් යුද උණුසුම ද පහවන ලකුණු පෙන්නුම් කළ බව දේශපාලන විචාරකයෝ පැවැසූහ. යුද අභ්‍යාසය පැවැත්වීමට සූදානම් වූයේ කොරියා අර්ධද්වීපයට අයත් චීන මුහුදේය.
උතුරු කොරියාවෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් එය තෙවැනි ලෝක යුද්ධය තෙක්, එසේත් නැතිනම් න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යාවි යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් පවා බිය පළ කර තිබුණි.
ඇමෙරිකාවටත් දකුණු කොරියාවටත් පහර දෙන බවට උතුරු කොරියා රජය සහ එහි ලාබාල නායක කිම් ජොං උන් අනතුරු ඇඟවූයේ ඉකුත් මාර්තු මස 30 වැනිදා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොදයි (නි)
තාත්ත වගේමයි පුතා. සිංහයාගේ පැටියා පූසා වෙන්නේ නැහැ. නියමයි කොල්ලා. ස්තුතියි. (නි)
අකුලා ගත්තා නේද?කොහොමද චීනා සහ රුසියාගේ නිහඩ බලය? (නි)
ඇමෙරිකාවට පින්! (නි)
උතුරු කොරියාවට ජයවේවා! (නි)
කොහොම වුණත් ඇමරිකාව උතුරු කොරියාවට පස්ස ගහන බව කාටත් තේරුණා. මැද පෙරදිග සෙල්ලම් උතුරු කොරියාවේ දාන්න ඇමෙරිකාව බයයි. (නි)
සුජිත්, මොකක්ද ඔයාට තියෙන අමාරුව? ඇමෙරිකාවට පින් දෙන්නේ ඇයි? කොල්ලා පොඩි වුණත් නියමයි . (නි)
කිම් එක්ක වෙට්ටු දාන්න බැහැ කියලා ඇමෙරිකාවට පෙනුනා. දැන් ඉතින් ආයේ ලංකාව වගේ පොඩි රටවල් හොයා හොයා ටොකු අනින්න පටන් ගනියි (නි)
කොහොම හරි යුද්දේ පටන් ගත්තා නම් කොරියාවේ ඉන්න අපේ කොල්ලන්ට පඩි නැතුව ගෙදර එන්න වෙනවා .... (නි)
අනේ හොදයි