IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


උතුරු කොරියාවේ මැරතන් තරගයක් අවලංගු කරයි

‘කෝවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් පොන් යැන්ග් නගරයේදී පැවැත්වීමට  මැරතන් තරගය අවලංගු කිරීමට උතුරු කොරියාව තීරණය කර ඇත. පොන් යැන්ග් මැරතන් තරගය උතුරු කොරියාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන අතර මෙම මැරතන් තරගයෙන් උතුරු කොරියාව විශාල සංචාරක ආදායමක් උපයාගනී.

ලොවෙන් හුදෙකලා වූ රටක් වන උතුරු කොරියාවේ එකම මිතුරා චීනයයි.

මෙම මැරතන් තරගයට සහභාගී වීමටත් තරගය නැරැඹීමටත් චීන තරුණ තරුණියෝ උතුරු කොරියාවට යති.

එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙම මැරතන් තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර එය අවලංගු කළ බවට තොරතුරු ලැබී ඇති බවත් එය තහවුරැ කළ හැකි බවත් උතුරු කොරියාවට සංචාරකයන් රුගෙන යන ප්‍රධාන සමාගමක් අද (21) සඳහන් කළේය.

කොරෝනා වයිරසය උතුරු කොරියාව තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා චීනය සමඟ තිබෙන දේශසීමාව වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර මැරතන් තරගය අවලංගු කර ඇත්තේ එහි පියවරක් ලෙස යැයි ද එම සමාගම කීවේය.

පොන් යැන්ග් මැරතන් තරගය වාර්ෂිකව පැවැත්වෙන්නකි. සෑම වසරකම අප්‍රේල් මාසයේදී මෙම මැරතන් තරගය පැවැත්වෙන අතර වත්මන් උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ ඡන්මදිනය ද මෙහිදි සැමරේ. උතුරු කොරියාවේ පළමු නායකයා වන කිම් ඉල් සුන් උපත ලැබුවේ 1912 වසරේ අප්‍රේල් මාසයේදීය.

මෙම මැරතන් තරගයට චීනයට අමතරව වෙනත් රටවල ජාතිකයෝ ද සහභාගී වෙති. පසුගිය වසරේ පැවැති මැරතන් තරගයට බටහිර රටවල තරගකරුවෝ 1,000කට වැඩි පිරිසක් සහභාගී වූ බව සංවිධායකයෝ කීහ. තරගයට සහභාගී වීම සඳහා ඇමෙරිකානු ඩොලර් 150ක ඇතුළුවීමේ ගාස්තුවක් ගෙවිය යුතුය.

ඒ.එෆ්.පී.  

(055)



අදහස් (0)

උතුරු කොරියාවේ මැරතන් තරගයක් අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 489 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site