සෝල්හිදීය/බීජිංහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
උතුරු කොරියාව න්‍යෂ්ටික රාජ්‍යයක් ලෙස හඳුනා නොගන්නා බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් අද (01) ප්‍රකාශ කළේය.
දකුණු කොරියාවේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරව කොරියානු අර්ධද්වීපයේ කිසිදු යුදමය ක්‍රියාමාර්ගයකට ඉඩක් නැතැයි ද ජනාධිපති මූන් ජායි ඉන් පැවැසීය. එමෙන්ම දකුණු කොරියාව කොරියානු අර්ධද්වීපයේ සාමය උදෙසා කටයුතු කරන බව ද හෙතෙම කීය. දකුණු කොරියානු පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මෙම කරුණු ප්‍රකාශ කළේය.
“උතුරු හා දකුණු කොරියාවේ ඒකාබද්ධ න්‍යෂ්ටික අවිහරණ ප්‍රඥප්තියට අනුව අපට උතුරු කොරියාව න්‍යෂ්ටික රාජ්‍යයක් ලෙස පිළිගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම අපිත් න්‍යෂ්ටික අවි නිපදවීමක් කරන්නේ නැහැ. අප සතුව න්‍යෂ්ටික අවි නැහැ” යැයි ද හෙතෙම කීය.
කොරියානු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් මේ බව කී බදාදා එනම් අද දිනයේදීම චීනය ද කොරියානු අර්ධද්වීපයේ අර්බුද විසඳීමට දකුණු කොරියාව හා එක්ව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.
“අපේ ආණ්ඩුව ආරක්ෂකම සම්බන්ධයෙන් වැඩිම අවධානයක් යොමු වූ කාලයක් ගත කරමින් සිටින්නේ. කොරියානු අර්ධද්වීපයට සාමය අප කටයුතු කරනවා” යැයි චීන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබේ.
කොරියානු අර්බුදය විසඳීමට චීනය හා දකුණු කොරියාව එක්ව රාජ්‍ය තාන්ත්‍රික අයුරින් කටයුතු කරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.
චීනයේ හා දකුණු කොරියාවේද සහභාගීත්වය සහිතව බීජිංහි පැවැති සය පාර්ශවීය න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා වලින් පසු චීන විදේශ අමාත්‍යාංශය එම නිවේදනය නිකුත් කළේය.
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පුරසාරම් දෙඩුවත් බයයි වගේ. ඉස්සරලාම වදින්නෙ තමන්ට බව දන්නවානේ
මැරෙන්න බය නැත්තේ කවුද ? අල්ලපු රටේ ඉන්න කෙනා න්‍යෂ්ටික බෝම්බයක් කොහෙට හරි දැම්ම ගමන් යුද්ධේ පටන් ගත්තම ඉස්සෙල්ලම වදින්නේ තමන්ට කියල දන්නවනේ ? කොහොම නමුත් මොහු සාමයට අත දිගු කරන එක , කලාපයේ ජිවත්වන වන මනුෂ්‍යන්ට සුභ ආරංචියකි
න්‍යෂ්ඨික අවි ලොවෙන් තුරන් කල යුතුයි. නමුත් රටවල් අතලොස්සක් පමණක් එම අවි තබාගෙන අනෙක් රටවල් යටත්කර තබා ගැනීම සාධාරණද? සෑම රටකටම ජාතික අභිලාෂ තිබෙනවා නිදහස්, නිවහල්, අභිමානවත් ජාතියක් වීමට. උතුරු කොරියානුවන්ට ද බලවත් රටක් බලවත් ජාතියක් වීමේ අභිලාෂ තිබෙනවා. ලංකාවේ පාලකයන්ට නොතිබුනට. අැමරිකානු පිල අද උතුරු කොරියාවට සම්බාදක දමලා ඔවුන් බඩගින්නේ තියන්න හදන්නේ හුදෙක් තම පිලට එරෙහි තවත් න්‍යෂ්ඨික බලවතෙක් බිහි වීම වැලැක්වීමටයි. ලෝකෙට අදරේට නොවේ ලෝකෙට අාදරේනම් අැමරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත් වෙයිද? හැබැයි තණකොළ කෑවත් උතුරු කොරියාව න්‍යෂ්ඨික අවිනම් නොගලවනු අැත. මොකද එ්වා නැත්තම් අද උතුරු කොරියාවක් සිතියමෙත් නොමැත. උතුරු කොරියාව න්‍යෂ්ඨික අවිවලින් අැමරිකාවට පහරදුන්නත් එය තාර්කිකය. මේ අවි ඉස්සරලාම හැදුවෙත් අැමරිකාව එ් වෙනත් රටවල මිනිසුන් මැරීමට. ජපානයෙ එහෙම මැරුවා. ඉතින් වෙනත් රටක් අැමරිකාවට එම අවිවලින්ම පහර දුන්නොත් කීමට අැත්තේ අැමරිකාවේ නයි අැමරිකාවටම කයි කියන එක තමා.