උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නවතා නැතැයි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ සංවිධානයක් උපුටා දක්වමින් ඒ.බී.සී. නිව්ස් පුවත් සේවය වාර්තා කර ඇත.
පසුගිය වසරක කාලයේදී උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නවතා නැතැයි ද ඔවුන් අඛණ්ඩව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික අවි සංවර්ධනය සිදු කර ඇතැයි ද න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ක්‍රියා කරන එක්සත් ජාතීන්ගේ ආයතනය නිකුත් කරන ලද නවතම වාර්තාවක දැක්වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය ප්‍රසිද්ධියට පත් කරන ලද නව වාර්තාවකින් එම කරුණු අනාවරණය වී තිබෙන අතර ඒ බව මුලින්ම වාර්තා කරනු ලැබුවේ ඒ.බී.සී. නිව්ස් පුවත් සේවයයි.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ සඳුඳා (20) දිනයේදීය. උතුරු කොරියාව තම න්‍යෂ්ටික අත්හදා බැලීම් දිගින් දිගටම සිදු කර ඇති බවත් න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම නවත්වා නැති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
එම ක්‍රියාකාරකම් තම ආයතනය දැඩි අවධානයට ලක්වී ඇතැයි ද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය සඳහන් කර ඇත.
උතුරු කොරියාවේ එම ක්‍රියාකාරකම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ දැඩි ලෙස උල්ලංඝණය කිරීමක් යැයි ද එම ආයතනය තවදුරටත් සිය වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
ඡායාරූප ඒ.එෆ්.පී/ගෙටී ඉමේජස්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ පිළිපදින්නේ සාමය අවශ්‍යනම් යුද්දෙට සැරසෙන්න කියන නීතිය.