
නව මාදිලියේ දිගු දුර කෲස් මිසයිල කීපයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියානු හමුදාව පවසයි.
උතුරු කොරියා හමුදාව මෙම මිසයිල නිර්මාණය කර ඇත්තේ පසුගිය දෙවසර කාලයේය. න්‍යෂ්ටික යුද ශීර්ෂ සම්බන්ධ කළ හැකි මෙම මිසයිලවලට කිලෝ මීටර් 1,500 ක දුරක් ගමන් යා හැකි බව උතුරු කොරියා හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ උපදෙස් අනුව, උතුරු කොරියානු හමුදා ශක්තිය පෙන්වමින්, මෙම මිසයිල නිර්මාණය කළ බව ද උතුරු කොරියානු හමුදාව වැඩි දුරටත් පවසා තිබේ.
උතුරු කොරියාව පසුගිය මාර්තුවේ ද මිසයිල අත්හදා බැලීමක් කළ නමුත් එය කෙටි දුර මිසයිල අත්හදා බැලීමකි. උතුරු කොරියාව මෙසේ දිගු දුර මිසයිල අත්හදා බැලීමක් කළේ ජෝ බයිඩන් පසුගිය 2021 ජනවාරියේ ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු පළමු වතාවට යැයි දකුණු කොරියානු මාධ්‍ය පෙන්වා දෙයි.
බයිඩන්ට පෙර ඇමෙරිකා ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අවස්ථා කීපයකදී මුහුණුට මුහුණ හමුවී උතුරු කොරියාවේ 'හිතුවක්කාර' න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. එහිදී න්‍යෂ්ටික අවිහරණයකට උතුරු කොරියා නායක කිම් ජොන් උන් කැමැත්ත පළ කළේය.
කෙසේ නමුත් ඇමෙරිකාව මෙන්ම ට්‍රම්ප් පරිපාලනය ද අපේක්ෂා කළ ආකාරයට න්‍යෂ්ටික අවිහරණයක් සිදු නොවිණි. ඒ අනුව, පැවැති එම සාකච්ඡා ඇණ හිටියේය. සාකච්ඡා පැවැත්වෙන කාලයේ උතුරු කොරියාව දිගු දුර මිසයිල අත්හදා බැලීමක් සිදු කළේ නැත. උතුරු කොරියාවේ දිගු දුර මිසයිල ඇමෙරිකාවට තර්ජනයකි.
වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ උතුරු කොරියාව කැමැති වන්නේ නම්, ඕනෑම අවස්ථාවක ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීමටත්, උතුරු කොරියා න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමටත් සූදානම් බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd