උතුරු කොරියාව අද(31) ගුවන්ගත කළ හඳුනා නොගත් ප්‍රක්ෂේපන දෙක බැලස්ටික් මිසයිල බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
 
 එය මිසයිල අභ්‍යාසයක් බවට තහවුරු වී ඇති අතර මෙම වසරේ උතුරු කොරියාව විසින් සිදුකරන ලද 12වන අත්හදා බැලීම වේ.
 
 දකුණු පියොංජින් පළාතේ සිට ගුවන්ගත කරන ලද මිසයිල දෙක ජපන් මුහුදට වැටී ඇතැයි සඳහන් වේ.
 
මීට පෙර කරන ලද මිසයිල ඔක්තෝබර් මාසයේදී  අත්හදා බැලීම නව මාදිලියක එකක් ලෙස සඳහන්වුණු අතර එය සබ්මැරීනයක සිට ගුවන් ගතකළ බවට වාර්තා විය.
 
 උතුරු කොරියාව හා ඇමරිකාව අතර න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා බිඳවැටී තිබෙන අතර මේ මාසය මුලදී දෙරටේ බලධාරීන් අතර ස්වීඩනයේ පැවති සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් විය.
 
 
(බීබීසී ඇසුරිණි - 085)