IMG-LOGO

උතුරු කොරියාව තවත් මිසයිල අභ්‍යාසයක

උතුරු කොරියාව අද(31) ගුවන්ගත කළ හඳුනා නොගත් ප්‍රක්ෂේපන දෙක බැලස්ටික් මිසයිල බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
 
 එය මිසයිල අභ්‍යාසයක් බවට තහවුරු වී ඇති අතර මෙම වසරේ උතුරු කොරියාව විසින් සිදුකරන ලද 12වන අත්හදා බැලීම වේ.
 
 දකුණු පියොංජින් පළාතේ සිට ගුවන්ගත කරන ලද මිසයිල දෙක ජපන් මුහුදට වැටී ඇතැයි සඳහන් වේ.
 
මීට පෙර කරන ලද මිසයිල ඔක්තෝබර් මාසයේදී  අත්හදා බැලීම නව මාදිලියක එකක් ලෙස සඳහන්වුණු අතර එය සබ්මැරීනයක සිට ගුවන් ගතකළ බවට වාර්තා විය.
 
 උතුරු කොරියාව හා ඇමරිකාව අතර න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා බිඳවැටී තිබෙන අතර මේ මාසය මුලදී දෙරටේ බලධාරීන් අතර ස්වීඩනයේ පැවති සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් විය.
 
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

උතුරු කොරියාව තවත් මිසයිල අභ්‍යාසයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 667 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 503 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site