
ගුවන් සීමා උල්ලංඝනය කරමින්, උතුරු කොරියාවේ සිට තම ගුවන් කලාපයට පිවිසි නියමුවන් රහිත ඩ්‍රෝන යානා තුනක් පහර දී විනාශ කළ බව දකුණු කොරියාව පවසයි.
දකුණු කොරියාව මෙම ඩ්‍රෝන යානා විනාශ කළේ ඔවුන්ගේ ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමිනි. මේ අයුරින් උතුරු කොරියාව, දකුණු කොරියානු දේශසීමා උල්ලංඝනයක් කළේ 2007 වසරෙන් පසුවය.
උතුරු කොරියානු ඩ්‍රෝන යානා දකුණු කොරියානු ගුවන් සීමාවට පිවිසියේ ගිම්පෝ නැමැති දේශසීමා නගරයට ඉහළින් උදෑසන 10:25 ට පමණ යැයි ද පැවැසෙයි. ඩ්‍රෝන යානා පහර දී විනාශ කිරීම සිදුවූයේ දකුණු කොරියාව සතු කේ.ඒ.1 ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd