IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් යවයි

උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් යවා තිබේ. ජපානයට මෙතෙක් කිසිදු ආකාරයකින් එල්ල නොවූ ආකාරයේ තර්ජනයක් යැයි ඊට ප්‍රතිචාර දක්වමින් ජපාන අගමැති ෂින්සෝ අබේ පැවැසීය.
 
කොරියානු වේලාවෙන් උදෑසන මෙම මිසයිලය දියත් කර තිබෙන අතර එය ජපානයට අයත් හොකයිඩා දූපතට ඉහළින් ගමන් කර පසුව මුහුදට කඩා වැටී තිබේ. උතුරු කොරියාව එලෙස මිසයිලයක් දියත් කිරීමත් සමඟ හදිසි රැස්වීමක් කැඳවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තීරණය කර ඇතැයි ද වාර්තා විය. 
 
උතුරු කොරියාව මේ වසරේ ගත වූ මාස කිහිපයේදී මිසයිල අත්හදා බැලීම් රැසක් සිදු කළ අතර ජපානයට ඉහළින් ඔවුන් අත්හදා බැලූ මිසයිලයක් ගමන් කළ පළමු අවස්ථාව මෙය විය. මීට පෙර 1998 වසරේ දී සහ 2009 වසරේදී උතුරු කොරියාවට අයත් රොකට් දෙකක් ජපානයට ඉහළින් ගමන් කළේය. ඒවා ආයුද නොවන බවත් චන්ද්‍රිකා දියත් කරන යානා බවත් උතුරු කොරියාව එම අවස්ථාවලදී පැවැසීය. 
 
මෙම මිසයිලය න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි තරම් බලසම්පන්න මිසයිලයක් යැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කර තිබිණි. උතුරු කොරියාව දියත් කරන ලද මෙම මිසයිලය කිලෝමීටර 2,700ක් ගමන් කළ බව වාර්තා විය. 
 
මෙම මිසයිලය උතුරු කොරියාව මෑතකදී අත්හදා බලන ලද ‘හ්වාසොන්ග් 12’ වර්ගයේ අන්තර්මැදි මිසයිලයක් යැයි ද පැවසේ. මිසයිලය කැබැලි තුනකට කැඩී ගොස් ජපාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 1,180ක් දුරින් පිහිටි උතුරු ශාන්තිකර සාගරයට වැටී තිබේ. 
 
මිසයිල බිම හෙළීමට ජපානය කිසිදු පියවරක් ගෙන නොතිබූ නමුත් ජපාන බලධාරීන් එරට ජනතාවට අනතුරු ඇඟවීම් ලබා දී තිබිණි. 
 
(ඒ.එෆ්.පී/රොයිටර් 055)



අදහස් (1)

උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් යවයි

mahee Tuesday, 29 August 2017 08:08 AM

කිම් ජොං නම් ඉල්ලගෙන කනව ළඟදීම. රටේ අහිංසක මිනිස්සු ගැනයි දුක.

:       306       512

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site