උතුරු කොරියාවේ හිරභාරයේ තබාගෙන සිටි ඇමරිකානුවන් දෙදෙනා වන මැතිව් ටොඩ් මිලර් සහ කෙනත් බේ නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම දෙදෙනා ඇමරිකානු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර් සමග ඇමරිකාවට පැමිණි බව ඇමරිකා රජයද ස්ථිර කර ඇත. පසුගිය මාසයේ උතුරු කොරියාවේ සිරබාරයේ සිටි අනෙක් ඇමරිකානුවා වු ජෙෆ්රි ෆවුලේ ද නිදහස් කළේය.
ඇමරිකානු රජය උතුරු කොරියාවට චෝදනා එල්ල කළේ සිරභාරයේ තබාගෙන ඇති ඇමරිකානුවන් දෙදෙනා රාජතාන්ත්‍රික දඩයමක් ලෙස උගසට තබාගෙන ඇති බවයි. එහෙත් උතුරු කොරියාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
තම පුරවැසියන් දෙදෙනා නිදහස් කිරීම පිලිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය සතුට පළකරයි. කෙනත් සහ මිලර් වසර දෙකකුත් මාස හතක් උතුරු කොරියාවේ සිරගත කර තිබිණි. මිලර් (24) ට බරවැඩ සහිතව වසර හයක සිරදඩුවම් නියම කරණු ලැබුවේ ඔහු තම සංචාරක විසා විනාශ කර උතුරු කොරියාවේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටීම හේතුවෙනි. මෙම ක්‍රියාව එදිරිවාදි ක්‍රියාවක් ලෙස උතුරු කොරියා රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර සිටියේය.
බේ 2012 වසරේ නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ චීන සහ උතුරු කොරියා දේශ සීමාවේ පිහිටි ඊසාන දිග වරාය නගරයක් වු රේසන් හි විශේෂ ආර්ථික කලාපයට ඇතුළු වීමට උත්සාහ ගැනීමේදීය.
මොහු සංචාරක ක්‍රියාකරුවෙක් ලෙස සහ ක්‍රිස්තියානි මිෂනාරිවරයෙක් ලෙස හඳුනාගෙන තිබිණි. උතුරු කොරියාව පවසා සිටියේ බේ විසින් රජය පෙරලා දැමීම පිණිස කංඩායම් පෙලගස්වා ඇති බවයි.
මොහුට බරපතල වැඩ සහිතව වසර 15ක සිරදඩුවම් 2103 මැයි මාසයේදි උතුරු කොරියාව විසින් පනවන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර උදවිය වගේ බෙල්ල කපන්නේ නැතුව නිදහස් කළ එක කොච්චර හොඳයිද? (බ)
උතුරු කොරියාව බය වුණා වගේ.(හේ)
දඬුවම දුන්න අවුරුද්ද හරිද බලන්න . (අ)
උතුරු කොරියාවේ ඉන්න නායකයා ගොඩක් තරුණ බරපතල තීරණයක් ගෙනිමට පුළුවන් කෙනෙක් නොවේ. (ර)