උතුරු කොරියාව තවත් අන්තර් දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු සහ ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහූ අද (4) ප්‍රකාශ කළහ. එමෙන්ම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඒ බව සනාථ කරමින් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍යයද වාර්තා කර තිබිණි.
උතුරු කොරියාව මේ අත්හදා බැලීම කරනු ලැබුවේ ජී 20 රටවල රාජ්‍ය නායකයන් මේ සතිය අවසානයේදී උතුරු කොරියාවේ ආයුද වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත දින කිහිපයක් තිබියදීය.
උතුරු කොරියාව අඟහරුවාදා (4) අත්හදා බැලූ මිසයිලය කිලෝමීටර 930ක් දුරක් ගෙවා ජපානයේ විශේෂිත ආර්ථික කලාපයට පතිත වී ඇතැයි දකුණු කොරියානු හමුදා සහ ජපාන රජය නිවේදනය කළේය. උතුරු කොරියාවේ මෙම ක්‍රියාව පැහැදිලිවම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති උල්ලංඝණය කිරීමක් යැයි ද ජපාන රජය ප්‍රකාශ කළේය.
මිසයිලය හඳුනාගත් බවත් එය ලුහුබැඳ ගිය බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ශාන්තිකර කලාපයේ අණදෙන නිලධාරීවරයා පැවැසීය. මිසයිලය යවා ඇත්තේ උතුරු කොරියාවේ අගනුවර වන ප්යොන්ග්යැන්ග් සිට කිලෝමීටර 100ක් වයඹ දෙසට වන්නට පිහිටි පැන්ග්යොන්හි පිහිටි කඳවුර සිටය. මිසයිලය ගමන් ගත් සම්පූර්ණ කාලය මිනිත්තු 37ක් යැයි ද පැවසේ.
මෙම සිදුවීමත් සමඟ දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් හදිසි ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා තිබූ අතර උතුරු කොරියාව අත්හදා බලා ඇත්තේ අන්තර් මැදි බැලැස්ටියක් මිසයිලයක් වුවද එය අන්තර් මහද්වීපික මිසයිලයක් වීමේ හැකියාවක් ද තිබෙන බව පවසා තිබේ.
ජාත්‍යන්තර ප්‍රජාව දිගින් දිගටම කරන අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් උතුරු කොරියාව ඇමෙරිකාවට පහර දිය හැකි න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සහිත අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සංවර්ධනය සිදු කරමින් සිටින බව වාර්තා වේ.
මේ අතර උතුරු කොරියාවේ ආයුද වැඩසටහන සම්බන්ධයෙන් වඩාත් අර්ථවත් අයුරින් කටයුතු කරන්නැයි රුසියානු හා චීන ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ජපාන අගමැති ෂින්සෝ අබේ පැවැසීය.


(රොයිටර් 055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු කොරියාවේ මෙම ක්‍රියාව නොහික්මුණ, දඩබ්බර, ලෝක සාමයට තර්ජනයක් වූ ක්‍රියාවකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වීම, ලෝක රාජ්‍ය සම්මුතීන් උල්ලංඝනය කිරීම, උමතු යුද මානසිකත්වය, කලාපයේ සාමයට තර්ජනයක් වීම, ලෝක රාජ්‍ය තාන්ත්‍රික හා මානව ගරුත්වය කෙලෙසීම, සහ පදනම් විරහිත යුද මානසිකත්වයකින් ලෝකයේ යුද ගිනි ඇවිලීමට උත්සාහ කිරීම යන කරුණු සැලකිල්ලට ගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, විශේෂයෙන් ඇමෙරිකාව, රුසියාව, චීනය යන ලෝක රාජ්‍ය නායකයනුත්, සියලු රාජ්‍ය විසිනුත් උතුරු කොරියාවට සම්බාධක පනවා අනාගතයේ ලෝකය අස්ථාවර විය හැකි මෙම තත්වය මර්දනය කළ යුතුය. රුසියාව සහ චීනය දෙබිඩි ප්‍රතිපත්තිය අත්හල යුතුය.
උතුරු කොරියාවේ නායකයායි කියාගන්නා මේ කොල්ලා හදන්නේ ඉල්ලන් කන්නයි ! ඔවුන් උඩ යවන්නේ සරුංගල් නොවෙන බව මොහුව පාලනය කරන උතුරු කොරියානු යුද හමුදාව තවම තේරුම් නොගැනීම මුළු කලාපයේම සාමය අනතුරට පත් කර ඇත. සිය රටේ ජනතාව බඩගින්නේ තබමින්, ශීලාචාර ලෝකයේ පහලම මට්ටමේ සිටිමින් මිසයිල යැවීම කරන්නේ ඔවුන්ගේ මහන්තත්වය ලොවට පෙන්වීමට මිස වෙන කුමකටද ? ඇමරිකාව ඇතුළු ලෝක ප්‍රජාවම ඔවුන්ට එරෙහිව පනවන සම්භාදක තුට්තුවකටවත් මායිම් නොකර සිදුකරන මේ සෙල්ලම වැඩි කලක් යාමට පෙර අවසන් වන්නේ, උතුරු කොරියාවේ අසරණ ජනතාව සහ මුළු රටම අළු දුවිලි බවට පත්වීමෙන් බව මුන්ට කියා දීමට කවුරුවත් තවම සමත් වී නැති බව නම් පැහැදිලිවම පේනවා !!
එතකොට මිසයිල අත්හදා බලන්න පුළුවන් ඇමෙරිකාවට විතරද? දන් නැති නිසයි අහන්නේ...