උතුරු කොරියාව තවත් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇතැයි වාර්තා වේ.

මෙය මේ වසර ඇතුළත උතුරු කොරියාව අත්හදා බැලූ 14වන මිසයිලයයි. ප්‍රථම වරට මෙවැනිම අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් අත්හදා බලනු ලැබූයේ මෙම මස මුල් සතියේ දී ය.

විනාඩි 47ක කාලයකදී මිසයිලය  සැතපුම් 2300ක දුරක් ගමන් කර ජපන් මුහුදේ ආර්ථික කලාපයට වැටී ඇත.

ජූලි තුන් වැනි දා අත්හදා බැලූ මිසයිලයට වඩා මෙම මිසයිලය වැඩි උසකින් සහ වැඩි දුරක් ගමන් කළ බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් පවසා ඇත.

ඇතැම් විශේෂඥයන් පවසන්නේ විහිදුම් පරාසය අනුව මෙම මිසයිලයට ඇලස්කාව දක්වා ලඟා විය හැකි බවයි.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)