රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙන් තහවුරු කර ඇත.
උතුරු කොරියා රජය සහ එරට හමුදාව නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින්, උතුරු කොරියානු පුවත් සේවය මේ බව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
යුක්රේනයේ කර්ස්ක්ස් පළාත රුසියන් හමුදාව විසින් මේ වනවිට අත්පත් කරගනු ලැබ ඇති අතර, උතුරු කොරියාව පවසා ඇත්තේ කර්ස්ක්ස් පළාත අත්පත් කර ගැනීමට තම හමුදාවේ සහාය රුසියන් හමුදාවට හිමිවුණු බවය.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට යුක්රේන යුද්ධයට ගොස් සිටින උතුරු කොරියානු සොල්දාදුවන් ගණන 10,000 ට වැඩිය. ඔවුන්ගෙන් ද වැඩි දෙනකු යුක්රේන හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. ඊට අමතරව, තවත් උතුරු කොරියානු සෙබළුන් පිරිසක්, යුක්රේන හමුදා අත්අඩංගුවට පත් වී ඇතැයි ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උතුරු කොරියාන් සෙබළු රුසියන් යුක්රේන යුද පිටියේ