රුසියා - උතුරු කොරියා දේශසීමාව ආසන්නයේ සිටින රුසියානුවන් ආරක්ෂිත ස්ථානවෙත යැවීමට එරට බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
උතුරු කොරියාව අද (30) තවත් මිසයිලයක් දියත් කිරීමත් සමඟ රුසියානු බලධාරීන් එම පියවර ගෙන තිබේ.
සිවිල් ආරක්ෂක නිලධාරීන් ද රුසියාවේ නැගෙනහිර කොටසේ ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇතැයි ද ‘ක්‍රෙම්ලීනයට’ හිතවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.
රුසියා - උතුරු කොරියා දේශසීමාවේ සිටින රුසියානු වැසියන් 1,500ක් පමණ ආරක්ෂිත ලෙස ඉවත් කරන්නැයි වාචික නියෝගයක් එරට ජනාධිපතිවරයා විසින් ලබා දෙනු ලැබ ඇතැයි රුසියාවේ ආරක්ෂක සේවාවලට සමීප සබඳතා ඇති ‘ලයිෆ්.රු’ පුවත්සේවයට සම්බන්ධ සමාජ ජාල මාධ්‍ය වාර්තා කර තිබිණි.
රුසියාවත් උතුරු කොරියාවත් අතර සැතපුම් 24ක දේශසීමාවක් පවතින අතර සිවිල් වැසියන් ඉවත් කරන ලද්දේ කුමන ස්ථානයකින් ද යන්න නිශ්චිතව වාර්තා නොවීය. සිවිල් වැසියන් ආරක්ෂිත ස්ථානවෙත යොමු කිරීම ආරක්ෂිත පියවරක් බව වාර්තා කර තිබිණි.
ඬේලිමේල් ඇසුරිනි 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සුබ ලකුණක් නොවෙයි. රුසියානුවන් කිසිම දෙයක් නිකමට කරන්නේ නැහැ. චීනයට හෝ රුසියාවට, උතුරු කොරියාව කරන යුධමය න්‍යෂ්ටික අත්හදා බැලීමේ තත්වය පාලනය කිරීමට හැකියාවක් නැත. කොරියානුවන්ට "උපදෙස් දී" ඔවුන්ගේ න්‍යෂ්ටික බෝම්බ වලින් සිය රට ආරක්ෂා කර ගැනීමට බලයත් හැකියාවත් තිබෙන එකම රට වන්නේ ඇමෙරිකාවයි. කියන දේ නාහන කෙනා උගත යුතු පාඩම උතුරු කොරියාව ළඟදීම ඉල්ලන් කෑමට සූදානම් වෙන බව නම් සක් සුදක් සේ පැහැදිලියි ....
උතුරු කොරියාව කියන්නේ චීනයටත් සහ නුදුරින්ම නැගෙනහිරින් ඇති රට. දකුණු කොරියාව කියන්නෙත් ජපානය කියන්නෙත් ඇමෙරිකාවට නුදුරින්ම බටහිරින් ඇති රටවල්. මේ බලගතු රටවල් දෙකටම ඒ ඒ අසල වැසියන් තමන්ගේ රටවල කොටුපවුරේ කුළුණු හා සමානයි. අප කොයි විදියට නිගමනය කලත් ඒ රටවල් ධමය සහ ආර්ථිකමය වශයෙන් බලගන්වන්නේ මේ ප්‍රධාන අසල්වැසි රටවල්. ඒ ඔවුන්ගේ ආරක්ෂාව සඳහායි. මේ නිසා උතුරු කොරියාව බිඳ වැටීම වැලක්වීමට රුසියාව සහ චීනය යටින් හෝ එළිපිටම කළහැකි සියල්ල කරනවා. ජපානය සහ රුසියාවත් සුරැකීමට ඇමෙරිකාව සහ නේටෝ රටවල්ද මේ අයුරෙන්ම ක්‍රියා කරනවා. ඒ නිසා යුධ ගිනි අවිලිමකට ඇති ඉඩකඩ අල්ප නමුත් ඇවිලුනහොත් එය විශාල යුද්ධයකට වර්ධනය වීමත් වැළක්විය නොහැකියි. කොටින්ම කියනවනම් බලගතු ඉන්දියාව ඔවුන්ගේ අනුදැනුමින් පිට යාමට තමන්ගේ අසල වැසි ශ්‍රී ලංකාවට ඉඩනොදීම හා සමානයි. යම් හෙයකින් උතුරු කොරියාව බිඳ වැටුනොත් සහ දකුණු කොරියාව හා සමාන ආර්ථිකයක් ගොඩ නැගුනොත් එය රුසියාව සහ චීනය අස්ථාවරකිරීමේ මුල් පියවර වනු නොඅනුමානයි.
මේක මිසයිලයක්ද එහමත් නැතිනම් අහස ගුන්ඩුවක්ද?
කවුරු මොනවා කිවුවත් උතුරු කොරියාව යනු යථාර්තයකි. හරියට ඊශ්‍රායලය වගේ...