උතුරු කොරියානු නායක කිම් ජො-උන් මහතා හදිසි සංචාරයක් සඳහා චීනයට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ආරාධනයෙන් මෙම සංචාරය සිදුවී ඇති නමුත් කිසිදු පූර්ව දැනුම්දීමක් සිදුවී නැතැයි සඳහන් වේ.
උතුරු කොරියානු නායකයා ඔහුගේ බිරිඳ වන රී සොල්-ජු සමග ජනවාරි 10 වනදා තෙක් චීනයේ රැඳී සිටිනු ඇතැයි ද මාධ්‍ය වාර්තා කර ඇත.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායකයා අතර පැවැත්වීමට නියමිත දෙවන සාකච්ඡා වටය ඉලක්ක කර ගනිමින් මෙම චීන සංචාරය සැලසුම් වී ඇතැයි පැවසේ.
මෙය කිම් ජොන්-උන් අවුරුද්දක කාලයක් තුළ සිදුකළ හතරවන චීන සංචාරයයි.
චීනය උතුරු කොරියාවේ ප්‍රධාන වෙළඳ ගැනුම්කරුවා හා ආධාරකරුවා වන අතර රාජ්‍යතාන්ත්‍රික සහයකයා ද වේ.
(බීබිසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උතුරු කොරියා නායකයා හදිසි චීන සංචාරයක