උතුරු ඉරාකයේ කර්කුක් නගරයට අයිඑස් කැරලිකරුවන් ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. පොලිසි, රජයේ ගොඩනැඟිලි, ගෑස් බලාගාර හා තෙල් නිධි පිහිටි ප්‍රදේශවලට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පහර දී ඇති බවත් නව දෙනෙකු පමණ මියගොස් ඇති බවත් ඉරාක මාධ්‍ය පවසයි. නගරයට ඇඳිරි නීතිය ද පනවා ඇත.

මොසුල් නගරයේ බලය අල්ලාගෙන සිටින අයිඑස් කැරලිකරුවන්ගෙන් නගරය මුදා ගැනීමට ඉරාක රජයේ හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි.

 

imagen copy mideast-iraq-759