ඉතා දරුණු හිම කුණාටුවක් උතුරු ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වලට කඩා වදිනු ඇති බවට එරට කාළගුණික දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. කුණාටුව තදින්ම බලපෑම් කරණු ඇතැයි අපේක්ශිත ප්‍රදේශ ලෙස වර්ජිනියා, කොළොම්බියා, පෙන්සැල්වේනියා, ජෝජියා, මේරිලන්ඩ් සහ උතුරු කැරොලිනා ප්‍රාන්ත වල හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර ඇත. නිව් යෝර්ක් වැනි දුරින් පිහිටි ප්‍රදේශ පවා කුණාටුවේ බලපෑමට හසුවනු ඇතැයි අනතුරු අඟවා ඇත.

පසුගිය සතිය පුරාම මෙම ප්‍රදේශ වල පැවති අධික හිම පතනය නිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී තිබිණි.  අනතුරුදායක ප්‍රදේශයන්හි ප්‍රධාන නගර වල ගුවන් ගමන් සියල්ල අවලංගු කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

වෙළඳසැල් වල දිගු පෝලිම් දක්නට ලැබෙන අතර ඒවායේ රාක්ක හිස් වී ඇතැයිද වාර්තා වේ.