IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරු අයර්ලන්තය සති හයකට අගුලු දමයි

 


 
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා දෙසැම්බර් 26 වැනිදා සිට සති හයකට රට අගුළු දමන බව  උතුරු අයර්ලන්තය නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය මිචෙලා ඔනීල් ඊයේ (17) නිවේදනය කළාය.

බ්‍රිතාන්‍යයට අයත් උතුරු අයර්ලන්තය ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට අවස්ථා කිහිපයකදී ලොක්ඩවුන් සීමා පැනවීය. එක් අවස්ථාවකදී උතුරු අයර්ලන්තය යුරෝපයේ නව කොරෝනා වයිරසය පැතර යන කේන්ද්‍රස්ථානයක් බවට ද පත්ව තිබිණි. අවසන් වරට පනවා තිබූ සීමා පසුගිය සතියේදී ලිහිල් කෙරුණු අතර සීමා ලිහිල් කිරීමත් සමඟ සියලු කඩසාප්පු, අවන්හල් සහ බීමහල් නැවත විවෘත කෙරුණි.

කෙසේ නමුත් නව සීමා සමඟ අවන්හල් සහ බීමහල් අත්‍යවශ්‍ය නොවන සියලු කඩසාප්පු වසා දැමෙන අතර ආහාර බෙදාහැරීම හා රැගෙන යෑමට පමණක් අවසර ලැබේ.

“මේක බොහෝ දෙනකුට කනගාටුදායක පුවතක්. එහෙත් බොහෝදෙනකු එය බලාපොරොත්තුවෙන් සිටියා. කඩිනම් මැදිහත්වීමක් අවශ්‍ය බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා. මෙය නිවැරැදි තීරණය යැයි මා හිතනවා” යැයි මිචෙලා ඔනීල් මාධ්‍යවේදීන් හමුවේ පැවැසුවාය.

රෝහල්වල ඉඩ නොමැති වීම නිසා රෝහලක රථගාලක නවත තිබූ ගිලන් රථයක් තුළ රෝගියකුට ප්‍රතිකාර කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

නව කොරෝනා වයිරසය හේතුවෙන් උතුරු අයර්ලන්තයේ රෝහල්වලට දැඩි පීඩනයක් එල්ල වනු ඇතැයි එරට සුව සේවා භාර සහ සංවිධාන කිහිපයකම ප්‍රධානීන් මේ වනවිටත් අනතුරු අඟවා ඇත. උතුරු අයර්ලන්තයෙන් වාර්ත වන රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් වැඩි වෙමින් තිබෙන අතර රෝහල් ද රෝගීන්ගෙන් පිරී ගොස් තිබේ.

උතුරු අයර්ලන්තයෙන් බ්‍රහස්පතින්දා, එනම් ඊයේ (17) වයිරස ආසාදිතයන් 656 දෙනකු වාර්තා වූ අතර එය සති පහකට පසු දිනක් ඇතුළත එරටින් වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ. දින 28ක් ඇතුළත වයිරස ආසාදනය වීමෙන් 1,154 දෙනකු මරණයට පත්ව ඇතැයි ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

යුරෝපා සංගමයට අයත් රටකින් අඩුම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ උතුර් අයර්ලන්තයේ අසල්වැසි රට වන අයර්ලන්ත ජනරජයෙනි.

කෙසේ නමුත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමත් සමඟ වයිරස ආසාදිතයන් වැඩි වීමක් දක්නට ඇතැයි බලධාරීහු අනතුරු අඟවති.

මේ අතර වසර අවසන් වීමට පෙර නව සීමා පැනවීමට සිදුවනු ඇතැයි අයර්ලන්තයේ අග්‍රාමාත්‍ය මයිකල් මාර්ටින් පැවැසීය.

රොයිටර් අනුග්‍රහයෙනි
- 055
 



අදහස් (0)

උතුරු අයර්ලන්තය සති හයකට අගුලු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31574 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13930 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11081 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 165 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1093 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site