උතුරු අයර්ලන්තයේ ලොන්ඩොන්ඩරිහි අධිකරණ සංකීර්ණය ආසන්නයේ මෝටර් රථයක් තුළ බෝම්බයක් පිපිරී ඇති බව වාර්තා වේ.
එම ස්ථානයේ බෝම්බයක් ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර පොලිසිය ලඟාවන විටම පිපිරුම සිදුව ඇත.
කෙසේවුවද කිසිවකුට තුවාල සිදුවී නොමැති බව පොලිසිය පවසයි.
ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන තරකර ඇති අතර ආසන්න හෝටලයක සිටි පිරිස් ඉවත් කිරීමට ද පොලිසිය කටයුතු කර ඇත.
මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ මෝටර් රථය සොරකම් කරගත් එකක් බවයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd