කාම්බෝජයේ අගමැති හුන් සෙන් හැදින්වීමේදී අගමැති උතුමාණන් ලෙස සහ ශ්‍රේෂ්ඨ යුද ආඥාපති ලෙස ගෞරව නාමයක් භාවිත කිරීම අනිවාර්ය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට තොරතුරු අමාත්‍යංශය මාධ්‍ය වලට මේ බව දැනුම් දුන් අතර එලෙස ක්‍රියා නොකරන මාධ්‍ය ආයතන වෙත පසුව අවසාන අනතුරු ඇගවිමක්ද නිකුත් කෙරිණි.
කෙසේ නමුත් මාධ්‍යවේදීන් අකමැති නම් එම ගෞරව නාමය සදහන් නොකලාට වරදක් නැති බව එරට අගමැතිවරයා තම ෆෙස්බුක් නිල පිටුවේ සදහන් කර තිබිණි. එහෙත් මාධ්‍යවේදීන් වශයෙන් රජයේ ආචාර ධර්ම සංග්‍රහයට ගරු කළ යුතු බව ඔහු සදහන් කර තිබිණි. එමෙන්ම සත්‍ය මුලාශ්‍ර පදනම් කරගෙන පුවත් වාර්තා කළ යුතු බව එහි සදහන් වේ.
පර්යේෂණ කණ්ඩායමක් වන ග්ලෝබල් විට්නස් ආයතනය විසින් ඔහුගේ පවුලේ විස්තර පිළිබද වාර්තාවක් නිකුත් කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය ඇති විය. අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින් විසින් බලය පවත්වාගැනීම වස් හමුදා තනතුරු වල බලය සහ රජයේ තනතුරු භාවිත කරගනිමින් ඇමෙරිකා ඩොලර් මිලියන 200ක් වටිනා ව්‍යාපාර අධිරාජ්යක් බිහි කර ඇති බව එම වාර්තාවේ සදහන් විය.
ඔහුගේ පවුලේ සාමාජිකයෝ මෙම වාර්තාව ප්‍රතික්ෂේප කළහ. එය ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය අලලා සැකසුණු මඩ ප්‍රචාරයක් පමණක් බව ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇත්තටම කාම්බෝජයද නැත්නම් අර පුංචි දූපතේද කියලා මට පැටලිලා වගේ (බ)
ආපස්සට යා! (බ)
ජේ ආර් උතුමාණන් ගේ උණ බෝවෙලාද කොහෙද මට හිතෙන්නේ (බ)
අපි දන්නා රටක රජතුමෙක් හිටියා හැබැයි එතුමා කියන්නත් කලින්ම වන්දිබට්ටයෝ දෙකට නැමිලා වඳිනවා. ඒ විතරක් නෙමේ , ඒ කාලේ රජ කුමරයින්ව දැක්කත් සට්ටබියෝ ටික දෙකට තුනට නැමෙනවා කියල තමයි අපිට අපිට ආරංචි. (අ)
ගුණසිරි ජේ ආර් ට උතුමාණන් කීවට කිසි වැරැද්දක් නෑ ඔය දැන් ඉන්න හරක් ලගින පාර්ලිමේන්තුව ජපානේ හදල දුන්නේ ඒ උතුමාණන්ට පින්සිදු වෙන්න තමයි, කොහොම වුනත් මෙරට පහල වුනා පවුල්වාදය නැති පියාගෙන් රජකම පුතාට රජකම නොදුන් එකම නායකයා ඔහු (බ)
උතුමාණන්ලා රජතුමාලා අපේ නම් හිටියා... ඒ අයට යන්න වුන විදිහ අපිට මතකයි. (ර)
තුන්වන ලෝකයේ සමහර රටවලට වැළඳී ඇති ලෙඩක් මේක (නි)
ටිකිරි, හරිහැටි නොදන්නා නිසා මේ අසන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයන් තුළ රජවරු සිටිද්ද? (නි)