මේ දිනවල චීනයේ පවතින උණුසුම් කාලගුණය හමුවේ සැනසීමක් ලබාගනු වස් බොහෝ චීන ජාතිකයින් තෝරා ගන්නේ එරට උද්‍යානයක කෘත්‍රිම මළ මුහුදයි.
අරාබිකරයේ පිහිටි සැබෑ මළ මුහුදට සමානව නිමවා ඇති මෙය විසල් පිහිනුම් තටාකයකට සමානය. එකම වෙනස වන්නේ මෙහි පිහිනීමට පිහිනන්නට දැන සිටීම අවශ්‍ය නොවීමය. සැබෑ මළ මුහුද හා සමානව මෙම තටාකයේ ජලයේ ඝණත්වය වැඩිකර තිබෙන බැවින් එයට බසින කිසිවෙකුත් ගිළෙන්නේ නැත.
පසුගියදා දස දහසක් පමණ චීන ජාතිකයින් මේ තටාකය වසාගෙන පාවෙමින් සිටිනු දැකගත හැකිවිය. තදබදය කෙතරම් දැඩි වූයේ ද යත් පිටතට පැමිණීමට අවශ්‍ය වූවන්ට එම අවස්ථාව ලැබෙන තෙක් බොහෝ වේලාවක් බලා සිටීමටද සිදුවිය.
![2A771AE900000578-3158262-image-a-72_1436714483326[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A771AE900000578-3158262-image-a-72_14367144833261.jpg)
![2A771AD500000578-3158262-image-a-75_1436714516725[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A771AD500000578-3158262-image-a-75_14367145167251.jpg)
![2A771AB900000578-3158262-image-a-81_1436714537474[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A771AB900000578-3158262-image-a-81_14367145374741.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපවති නංගී, ලංකාවේ මිනිස්සු අඩුයි ගැනු වැඩියි. ඒක නිසා පිරිමි රැක ගැනීම ඔයාලගේ වගකීම. චීනෙට අපේ අහිංසක පිරිමි පිටමන් කරහම ඔයාලගේ සැප දුක බලන්නේ කවුද.? (ර)
ඉසුරන්දි චීනය ඉස්සර සමාජවාදී රටක් උනාට අද ධනවාදී රටක් බවට පත්වී හමාරය. චීනයේ බීජින් අගනුවර ජීවත් වෙන්න අවම වැටුපක් තියෙනවා. එකට අඩු කට්ටියට එහි පදිංචිවීම තහනම්. ලොව වැඩිම උමං අනතුරු වෙන්නේ චීනයේ. හේතුව උමං කම්කරුට හරි ආරක්ෂක උපකරනවත් ලබානොදීම. ලොවේ බාල මිලකට බදු නිපතවන්නේ චීනය හේතුව එහි කම්කරු වැටුප් හරි අඩු නිසා. හැබයි එහි ඉන්න ධනවාදී පන්තියට හොඳ වැටුප් සහ සහන මෑතකදී චීනය ලොවේ ලොකුම ජලාශය හදපු වෙලාවේ රජය දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් කඩල මහපාරට පන්නපු අවස්ථාද තිබේ. චීනයේ ඡන්ද ක්‍රමයක්ද නැත. (ර)
අර පොල්ඔලු කරගහගෙන සරම අතේ තියන් බාත්රුම් වල ජනෙල්වලින් එබෙන්න යන දෙතුන් දෙනෙක්ව උස්සලා මේ මැද්දට අතාරින්නයි තියෙන්නේ.? (බ)
පිහිනුම් තටාකයක මෙතරම් ජනතාවක් රොක්ව සිටීම, එකිනෙකාගේ සෞඛ්‍යයට හිතකර නොවේ. (ස)
චීනය මෙච්චර දියුණු නම් ඇයි චීන්නු ලංකාවට ඇවිත් හිඟා කන්නේ.(ම)
සමන්ත සොයුර ඔයා ඔහොම සංගණනය කලාට වෙන්නේ ඔකේ අනික් පැත්තනි..? එහෙම නම් ලංකාවේ පිරිමි දැන් අර පිරි මැස්ස්ම ඉගෙන ගන්න වෙනවා එහෙනම් ඔන්න ..මම ගියා..? (අ)
මොනතරම් විෂබීජ සැරිසරනවා ඇත්ද ඔතන?තම තමාගේ ගෙවල්වල තබා එක වතුරෙන් පුරවාගෙන ඉන්නවා,(අ)
සාන්ද්‍ර ලුණු වතුරට විස බීජ මැරෙනවා. (නදී)
ලංකාවේ ගිලිලා මැරෙන හැටියට මේ තටාක අවශයයි (බ)
රුපවති හරියටම හරි (ම)
අනේ මිනිස්සු කොහොම නානවද මන්ද මෙහෙම ඇඳන් පව් තරුණ පැටව් ටික (අ)