
දැඩි උණුසුම දරා ගැනීමට නොහැකිව, මෙම 2022 වසරේ මේ දක්වා යුරෝපා රටවල 15,000 ක් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම 15,000 දෙනා මියගොස් ඇත්තේ ජූනි සිට අගෝස්තු දක්වා කාලයේය. මධ්‍යතන යුගයෙන් පසු යුරෝපා රටවල් මුහුණ දුන් දරුණුතම නියං කාලගුණය වාර්තා වූයේ මෙම වසරේ බව ජගත් කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී ඇත.
ජූනි සිට අගෝස්තු තෙක් කාලයේ අධික උණුසුම දරා ගැනීමට නොහැකිව ස්පාඤ්ඤ වැසියන් 4,500 ක් සහ ජර්මන් වැසියන් 4,000 ක් මියගිය බවට තොරතුරු තමන්ට ලැබී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.
ඊට අමතරව, ජූනි සිට අගෝස්තු මාස 3 ක කාලයේ බ්‍රිතාන්‍ය වැසියන් 3,200 ක්, පෘතුගාල වැසියන් 1,000 ක් මියගොස් ඇති බව ද පැවැසෙයි. ජූනි සිහ අගෝස්තු දක්වා කාලය යුරෝපයට ගිම්හාන කාලයයි.
අධික උණුසුම් කාලගුණය සිරුරට ඉතා අහිතකරය. හෘද රෝගී තත්ත්වයන් උත්සන්න කරයි. දියවැඩියා රෝගීන්ට සහ ස්වසන ආබාධ ඇති රෝගීන්ට ද දැඩි උණුසුම දරා ගැනීමට අපහසු බව යුරෝපා වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.
යුරෝපා රටවල මේ අයුරින් දැඩි උණුසුම් විපරිත කාලගුණයක් නිර්මාණය වීමට හේතුව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන ගෝලීය උණුසුම ඉහළ යෑම සහ දේශගුණික විපර්යාස නිසා යැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
මේ වනවිට ‘කොප් 27’ දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුව ඊජිප්තුවේ රතු මුහුද ආශ්‍රිතව පිහිටි ෂාම් එල් ෂෙයික් නිවාඩු නිකේතනයේ දී ආරම්භ වී ඇති අතර, මෙවර සමුළුවේදී ද යුරෝපා රටවල දැඩි උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උණුසුම දරාගන්න බැරිව 15,000 ක් මියගිහින්