උඩුගුවනට යන වයස්ගතම කාන්තාව ලෙස 57 හැවිරිදි පෙගි විටිසන්  ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ගමන් ගත් බව වාර්තා වේ.  කසකස්ථානයේ පිහිටි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත වූ ඇය මෙම චාරිකාවේදී තවත් වාර්තා කිහිපයක් තබනු ඇතැයි නාසා ආයතනය පවසයි.

ඇය සමග රුසියානු ගගනගාමී ඔලෙග් නොවිට්ස්කි සහ ප්‍රංශ ගගනගාමී තෝමස් පෙස්ක්වෙට් සොයුස් රොකට්ටුවෙන් ගමන් ගනී. ඔවුන් සෙනසුරාදා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ප්‍රවේශ වීමට නියමිතය.

පෙගී ප්‍රථමවරට අභ්‍යාවකාශයට ගමන් කලේ 2002 වර්ෂයේදීය. මෙවර තෙවෙනි වතාවට අභ්‍යාවකාශගත වන ඇය කාන්තාවක විසින් අභ්‍යාවකාශයේ ගත කරන ලද දීර්ඝතම කාලයට හිමි වාර්තාවට ද හිමිකම් කියයි.

download 26 _92493921_peggywhitsontweet2