අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ ටොන් 3 කට ආසන්න ප‍්‍රමාණයක් රැගෙන යමින් තිබූ නියමුවන් රහිත අභ්‍යාවකාශ යානාවක් අනතුරට පත්ව ඇතැයි වාර්තා වේ.
රුසියාවේ නිල අභ්‍යාවකාශ පර්යේෂණායතනය වන රොස්කොමොස් හි අධීක්ෂණය යටතේ උඩුගුවනට යවා තිබෙන මෙම යානය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ආසන්නවත්ම පාලනයෙන් ගිළිහී ගොස් තිබෙන බව සඳහන්ය.
රොස්කොමොස් ආයතනයේ විද්‍යාඥයින් හා අන්තර්ජාතික අභ්‍යාවකාශයේ මේ දිනවල රැඳී සිටින ඇමරිකා හා රුසියා ගගනගාමීන් දෙදෙනා එහි පාලනය ලබා ගැනීමට කෙතරම් උත්සාහ කළද එය සාර්ථකව නොමැත.
මේ වන විට එය පෘථිවි වායුගෝලය දෙසට ඇදී යමින් පවතී.
එය පෘථිවියට පතිත වීමේ අවදානමක් ඇත්දැයි යන පැනයට පිළිතුරු දී තිබෙන රොස්කොමොස් විද්‍යාඥයින් පවසන්නේ එවැනි අවදානමක් තිබෙන බවයි.නමුත් ගුරුත්වබලයට හසුව පෘථිවි වායුගෝලය ඔස්සේ ඇදී ඒමේදී යානය විනාශ වීමේ හැකියාවක් තිබෙන නිසා බිය වීමේ අවශ්‍යතාවක් නැතැයි ඔවුන්ගේ අදහසයි.
ආහාර ද්‍රව්‍ය අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ප‍්‍රවාහනය කිරීම මෙම යානයේ ප‍්‍රධාන අරමුණ වූ හෙයින් දැන් මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන්ට ආහාර හිඟතාවයකට මුහුණදීමට සිදුවනු ඇති ලකුණු පහළව ඇත.කෙසේ නමුත් ඔවුන් දෙදෙන පවසන්නේ නැවත යානයක් පැමිණෙන තෙක් දිවි රැක ගැනීමට තරම් ආහාර තොගයක් තවමත් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තිබෙන බවයි.
තාක්ෂණය කෙතරම් දියුණු වුවද අනපේක්ෂිත ලෙස මෙවැනි වැරදීම් සිදුවීම බලාපොරොත්තු විය යුත්තක් බව අභ්‍යාවකාශ පර්යේෂකයින් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ලිපියේ කිසිම දේශපාලන සම්බන්ධයක් නොතිබුනත්, දේශපාලනය සම්බන්ධ කර දමා ඇති අදහස් දුටුවිට මේ මිනිසුන්ට පිස්සුද කියලා හිතෙනවා. (නි)
උඩු ගුවනට සාගතයක්- තාක්ෂණික අවුලක් (බ)
අපේ කෙනෙක් සමඟ යවමු කෑම. ඕනෑ වැඩකට ඔට්ටුයි. (නි)
අපි ඔවුන්ට හාල් ටිකක්වත් යවන්න බලමුද? බත් උයන්න හරි බැරියෑ (නි)
අර ශ්‍රී ලංකාවෙන් හඳට යානා යවන සමාගමට දැන්වුවා නම් ආධාරයක් ගන්න තිබුනා. සමහරවිට මීට පෙර යවපු අපේ කොඩිය සමඟ රොකට්ටුවක් ඉහළ අහසේ ඇති. (නි)
අපේ රටේ වැඩි දෙනෙකුට දේශපාලනය ගැන මිස මෙවැනි තාක්ෂණික භාවිතාවක් ගැන කිසිදු දැනුමක් නැහැ. නමුත් දන්නා දේශපාලනේවත් හරියට නොදන්නා බව නොදන්නා එකයි ප්‍රශ්නේ. ඒකයි නුගතුන් වගේ අදහස් වැඩිදෙනෙක් දක්වා තියෙන්නේ (නි)
විමල්, මම කියන්නේ ඔයා හොඳ දේශපාලනය කරන්න. මොකද ඇඟ හැමතැනම මොළයට අමතරව තියෙන්නේ දේශපාලනය. (නි)
අනේ අජිත්, ඔයා දන්නා තරම? (නි)
සාගින්නෙන් පෙළෙන අයගේ දිනයේම උඩුගුවනේ අයටත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද? (නි)
ඔවුන්ට කෑම නැතිවුණොත්? (නි)
මෙම මධ්‍යස්ථානයේ ආධාරයෙන් තමයි ලෝකයම පාලනය වෙන්නේ.අපි ටීවී බලන්නේ, ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ... එයට කරදරයක් නොවේවා! ඉක්මනට එයාලට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනයන්න ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමි (නි)
සිරිසේන, ඔයාගේ කතාව හරි (නි)
ඉක්මනින්ම තව කෑම යානයක් යැවීමට හැකියාව ලැබෙන්න. (නි)
සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියවු! (නි)
කසුන් එංගලන්තය, උඩුගුවනට යන්නේ දේශපාලනයට නොවේ නම් තණකොළ කපන්නද? (නි)
විමල්, බැසිල්ට උඩුගුවනෙනුත් පරණ දේවල් කරන්න ඉඩ දෙන්න යනවා වගේ. (බ)
අජිත්, ඔයා හැර අනිත් අය මොනවද මේ ලියන්නේ? මෙච්චර හොඳ තොරතුරු අපට දෙන මේ පුවත්පතට වැදගත් විදිහට ලියන්න (නි)
අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගෙවතු වගාවක්වත් පටන් ගන්ඩ බැසිල්ගේ දිවිනැගුම කණ්ඩායමට භාරදෙන්ඩ යෝජනා කරමි. (බ)
මේකෙදි ලොකු අතපසුවීමක් වෙලා තියෙනවා. මෙයාලට තිබුනේ මේක ටිකක් කලින් යවන්න. මොකද ගමන අසාර්ථක වුණහම තව එකක් යවන්න කල් ඕනෑ. ඒකට කාලගුණ බලපෑම් අඩුවෙන්න ඕනෑ. (නි)
ඔය උඩුගුවනේ කෑම ටිකත් එක්ක ඕක කෑම බීම නැති දුප්පත් අප්‍රිකානු රටකටවත් පටවනවානම් , එ්කත් පිනක් (බ)
මන්චි ලෙමන් පෆ් ටිකක් උඩු ගුවනට ගෙනිච්චා නම් ඉවරනේ (නි)