උගන්ඩාවේ පාපන්දු කණ්ඩායමක් සහ ඔවුන්ගේ රසිකයන් පිරිසක් ගමන්ගත් බෝට්ටුවක් පෙරලීමෙන් 30ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උගන්ඩාවේ බුලිසා දිස්ත්‍රික්කයේ සිට හොයිමා දිස්ත්‍රික්කය වෙත ඇල්බර්ට් විල හරහා බෝට්ටුව ගමන් කරමින් තිබී ඇත. පොලීසිය පවසන්නේ වුවමනාවට වඩා මිනිසුන් පැටවීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවයි.   අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ 45ක් පමණ ගමන්කර ඇති බවත් නවදෙනකුගේ සිරුරු සොයාගත් බවත් 15ක් බේරාගත් බවත් පොලිසිය පවසයි.