
අප්‍රිිකාවට අයත් උගන්ඩාවේ කම්පාලා අගනුවර කුණු කන්දක් නායයෑමට ලක්වීමෙන්, 18 දෙනෙක් මියගියහ. මියගිය එම 18 දෙනා අතරේ කුඩා දරුවෝ දෙදෙනෙක් සිටිති.
මෙම කුණු කන්ද වසර ගණනක් පැරණි එකක් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පසුගිය දින කීපයේ නොකඩවා ඇද හැලුණු මහ වැසි, කුණු කන්ද නායයෑමට හේතුවක් වූ බව කම්පාලා නගර බලධාරීහු පවසති.
කුණු කන්ද නායයෑමෙන් එය පාමුල පිහිටි පැල්පත් නිවාස රැසක් කුණු තට්ටුවලින් වැසී ගියේය. අලුයම කාලයේ, නායයෑම සිදුවෙද්දී, පැල්පත් වැසියෝ නිදාගෙන සිටි බව ද පැවැසෙයි.
දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ වූ අතර, සිරවී සිටි 14 දෙනකු බේරා ගැනීමට හැකියාව ලැබුණි. එසේ වුවත් තවත් බොහෝ දෙනකු කුණු තට්ටු අතරේ සිරවී සිටින බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි. කුණු තට්ටු ඉවත් කිරීමට බැකෝ යන්ත්‍ර ද යොදවා ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උගන්ඩා කුණු කන්ද 18 ක් බිලි ගනී