ඊශ්‍රාලයට අයත් වෙස්ට් බෑන්ක් ප්‍රදේශයේදී පලස්තීන ජාතිකයන් තිදෙනකු ගමන්ගත් මෝටර් රථයක් ඊශ්‍රායල හමුදා භට පිරිසක් වෙත කඩා වැදීමෙන් රථයේ ගමන්ගත් පලස්තීනුවන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 

ඊශ්‍රායල හමුදා නිලධාරියෙකු ද බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බලධාරීහු පවසති. 

මෝටර් රථයේ පැමිණි අනෙක් පලස්තීන ජාතිකයා ද සුළු තුවාල ලබා ඇත.

පලස්තීනුවන් විසින් 2015 හා 2016 වසරවල මෙවැනි අනතුරු සුලභව සිදුකල බවත් මේ වනවිට ඒවා සැලකියයුතු තරම් අඩුවී ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

 

(රොයිටර් පුවත් ඇසුරිඅණි - 085)