
නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැද ඊශ්‍රායලය, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පහර දීමට සූදානම් වන බැවිනි.
රෆා යනු ගාසා තීරයේ දකුණු දෙසින්, ඊජිප්තුවට මායිම්ව පිහිටින නගරයයි. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දීම ආරම්භ කළේය.
ඊශ්‍රායල හමුදා ගුවනින් සහ ගොඩබිමින්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙද්දී, උතුරු දිග ගාසා තීරයේ සිටි පලස්තීන වැසියන් දකුණු දිග ගාසා තීරයේ රෆා නගරයට ගියේය. දැන් ගාසා වැසියන් මිලියන 1.3 ක්, සරණාගතයන් ලෙස ජීවත් වන්නේ රෆා නගරයේය.
ඊශ්‍රායලය පවසා ඇත්තේ රෆා නගරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණයෙන් ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බවය. මේ වනවිටත් ඊශ්‍රායල හමුදා විටින් විට රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීම සිදු කරයි.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් අවස්ථා කීපයකදී ඉල්ලා ඇත්තේ රෆා නගරයට පහර දීමෙන් වළකින ලෙසය. රෆා නගරයට පහර දුන්නොත්, මහා විනාශයක් සිදුවේවි යැයි ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් බිය පළ කර ඇත. ඊශ්‍රායලයට යැවීමට සූදානම් කළ බෝම්බ තොගය, තාවකාලිකව ඊශ්‍රායලය යැවීම නැවැත්වීමට ඇමෙරිකන් රජය තීරණය කළේ මේ නිසාය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි
Sellakkara Kolla Wednesday, 08 May 2024 12:41 PM
ඕව නම් කිඹුල් කඳුළු. කොහොමහරි මිලේච්චයින්ව ඉවර කරන එක නම් හොඳයි.
Alfread Wednesday, 08 May 2024 01:13 PM
පලස්තීන ජනතාව විඳින දුක ගැන ඉතාමත් කණගාටුයි. ඒ වුණත් ඉස්සෙල්ලම උන් නේ පහර දුන්නේ. කිසිම තේරුමක් නැති මෝඩ යුද්ධයක්. වටේ ඉන්න ඉස්ලාම් රටවල් කොච්චර ඔය යුද්ධෙ ඇවිලුවත් උන් එක පලස්තීන් කාරයෙක් වත් තමන්ගේ රටට ගන්න සූදානම් නැහැ. උන් බඩගින්නේ පිපාසේ මැරුණත් කිසිම උපකාරයක් නැහැ. මේවා අරාබියට කඩේ යන ලංකාවේ ගොන්නුන්ටත් හොඳ පාඩම්. ලොකු උන්ගේ ගොන් කම් නිසා දුක් විඳින්නේ අහිංසක දරුවෝ. ලෝකෙම යුධ ගිනි නිවී සාමය උදා වේවා!