
මධ්‍යම ඊශ්‍රායලයේ පළාත් කීපයක හටගත් ළැව් ගිනි මේ වනවිට නිවා දැමීමට තමන්ට හැකිවුණු බව ඊශ්‍රායල ගිනි නිවන භටයෝ පවසති.
ගිනි නිවන භට කණ්ඩායම් 150 කට වැඩි පිරිසක් ළැව් ගිනි නිවා දැමීමට යෙදවිණි. ළැව් ගිනි පැතිර ගියේ ජෙරුසලම් සිට ටෙල් අවීව් අතරේ පැවැති ලට්රුන් නමැති පළාතේය.
ළැව් ගිනි දුම් අඝ්‍රාණය වී, ස්වසන අපහසුතා හේතුවෙන්, පුද්ගලයන් 12 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි. එක් ගිනි නිවන භටයන් 17 දෙනකු පිළිස්සුම් තුවාල ලැබූ බව ද වාර්තා වේ. ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් වාර්තා වේ. ළැව් ගිනිවලින් ජීවිත හානි කිසිවක් සිදු වූයේ නැත.
ළැව් ගිනි හටගත්තේ පවතින වියළි කාලගුණය සහ වියළි සුළං හේතුවෙනි.
ළැව් ගිනි හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අග්‍රාමාත්‍ය බෙන්ඩමින් නෙදන්යාහු පියවර ගත් අතර, ළැව් ගිනි පැතිර යද්දී, හමුදාව සහ පොලිසිය යොදවා, අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචිකරුවන් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද උපදෙස් ලබා දුන්නේය.
ඊශ්‍රායලයේ ළැව් ගිනි නිවා දැමීමට ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ගිනි නිවන ගුවන් යානා ඊශ්‍රායලයට යැවීමට ද කටයුතු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd