යුද වැදී සිටින සිරියාවට ඊශ්‍රායෙලය අද ප්‍රහාර මාලාවක් එල්ල කළේය. හමුදා පර්යේෂණ ගොඩනැගිල්ලකට දරුණු ප්‍රහාර එල්ල කළ බවත්, එය යුද්ධ ප්‍රකාශ කිරීමක් බවත්, සිරියා නියෝජ්‍ය විදේශ ඇමැති ෆයිසර් මෙක්ඩාඩ් කියයි.
සිරියාව සුදුසු කල්හි ඊශ්‍රාලයට සුදුසු විදියට පහර දෙනු ඇතැයි ද ප්‍රකාශ කළේය.
යුද පර්යේෂණ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරය රජය සමග යුද වැදී සිටින කැරලි කරුවන්ට උඩ ගෙඩි දීමක් බව සිරියා රාජ්‍ය රූපවාහිනිය පැවසුවත් සිරියා යුද හමුදාව කිසිත් ප්‍රකාශ කළේ නැත.
ජන සංහාරක රසායන අවි සිරියාව පාවිච්චි කරතියි මුලින්ම චෝදනා එල්ල කළේ ද ඊශ්‍රායෙලයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායලයට ජයවේවා.!(නදී)
දිප්ති මොකටද මෝඩ කට... අපිට උදව් කළා නියමෙට ඊශ්‍රායලය... (නි)
කවදාවත් ඊශ්‍රායලය පරදින්නේ නැහැ. හොද පුවතක්.(නදී)
මේ ඉන්න අන්තවාදීන්ට දඩුවම් දිය යුතුයි.(නදී)
එතකොට කැරලිකාරයෝ ඊශ්‍රායලයේ හිතවතුන්ද? (නි)
ලංකාවේ ඉන්න මුස්ලිම් විරෝදියන්ට හුරේ දාන්න හොද පුවතක්. ඇමරිකන් විරෝදියන්ට එල්ලෙන්ට හොද වැලක්. දෙගොල්ලටම හොද ආදායමක්.(නදී)
දන්නා කෙනෙක් ඉන්නවා නම් කියා දෙන්න. ඊස්රායල් වල වතුර තියෙන්නේ 2%. නමුත් වතුර අනික් රටවලට අපනයනේ කරනවා. ගොඩක් යුදෙවුවෝ ඇති දක්ෂයි. උදාහරණ- කාල් මාක්ස්,අයින්ස්ටයින් වගේ අය. ලොව සුපතල ඇමරිකානු සමාගම් බොහොමයක් මෙයාලගේ. මොකද්ද හේතුව.(නදී)
අල් කයිඩා ගැත්තෝ මොන කතා කිවත් තමන්ගේ රටේ තෙල් සම්පත තමන්ගේ සාක්කුවට දාගන්න හොරු වසර 40 තිස්සේ බලේ ඉන්න බලකාමියෝ කරපු දෙයක් නැත. ඉතින් මිනිස්සු කැරලි ගහන කොට සදරුවන්ලා වගේ පාලකයන්ට කඩේ යන අය කියන්නේ ජාතියන්ත්‍රණ කුමන්ත්‍රණ.(නදී)
මේ රටේ තෙල් සම්පත කලමනාකරණය කලොත් මිනිස්සුන්ට දුක් විදින්න ඕන නැහැ. බලන්න මැද පෙරදිග රටවල්. නමුත් එහෙම නෙවේනේ හොර කනවා. ඒතාධිපතින්ට විරුද්ද වෙන්න මේ මිනිසුන්ට අයිතියක් තියනවා. ඒකට කැමති රටකින් උදවු ඉල්ලන්නත් අයිතියක් තියනවා.(නදී)
මුස්ලිම් විරෝදී පදනමකින් නොව, ඊශ්‍රායාලය අපේ යුද්දෙදි අපට උදවු කල නිසා අපිත් ඊශ්‍රායල් වලට උදවු කරමු. අපි සල්ලි දීලා තමා බඩු ගත්තේ. නමුත් සල්ලි දීලත් අපට බඩු දුන්නේ නැහැ රටවල් ඒ කාලේ. ඉන්දියාව දුන්නෙත් නැහැ.(නදී)
දැන් මේ යුද්දේ අවුරුදු 2 කිට්ටු වෙන්න ඇදෙනවා. මිනිස්සු ලක්ෂ ගානක් මැරිලා. මේ ඒකාදිපතියට රටේ මිනිස්සු අකමැති නම් දාලා යන්න එපැයි. එයා යන්නේ නැහැ. කොහොම ඇතිද රස. ඊස්රායල් වලින් හෝ ගහල මේ සනුහරේ ඉක්මනින් ඉවර කොලොත් මිනිස්සු මැරෙන එක නවතියි.(නදී)
උතුරු අප්‍රිකානු රටවලට මැද පෙරදිගට වඩා සම්පත් තියනවා. නමුත් මේවයේ බේද වැඩියි. ගෝත්‍රික වාදේ, අගාම්වාදේ, ඒකාදිපතිවාදේ මේ හැමදේම තියෙනවා. ගඩාෆි රුසියාවට කියලා ප්ලේන් එකක් හදා ගත්තා රත්තරන් වලින්. ලොව විවිද පෙනුමෙන් යුතු කාන්තාවෝ හාරසිය ගණනක් හිටියා. මේ මානසික රෝගියෝ එලවන්නේ නැතිව සදරුවන් කියන විදියට ඔක්කොම ජාතියන්ත්‍රණ කුමන්ත්‍රණ කියමු.(නදී)
රුසියාව සිරියානු රජයට අවි යුද විකුණති. ඇමරිකාව කැරලි කරුවන්ට අවි යුද විකුණති. මේ මෝඩයෝ සල්ලි දීල බඩුත් අරන් මරා ගනිති. මේ මිනිස්සු රටෙන් කැල්ලක් ඉල්ලන්නේ නැහැනේ අපේ වගේ. කියන එකම දේ තමා එකාදිපතියට යන්න කියන එක. එක වරදක්ද?(නදී)
ආවා ආවා ආවා ඕන් ආවා.ම්ලේච්ච ඇමෙරිකානුවන්ගේ මිනීමරු කුලී හේවායෝ.උපක්‍රම දාල දාල බැරි වුණ තැන කෙලින්ම ගහනවා නින්දිත විදියට.තවත් මිනිස් සංහාරයක්.ඇමෙරිකාවේ ගුණ කියන අය කෝ? (නි)
ඔය කෑගහන පර ගැතියන්ගේ සහෝදර සහෝදරියෝ බිරින්දෑවරුත් දුෂණය කරලා මරල දාපු දවසට තමා තේරෙන්නේ, අපේ රටත් ආක්‍රමණය කරලා. එදාට ඕන් අඬාගෙන එන්න එපා අපි හොයාගෙන. (නි)
අපේ රටේ අය නොදන්නා දේ කතාකරන්න හරිම දක්ෂයි. ඒ වගේම කාට මොනවා වුණත් ඇමරිකාව තමයි පළි. (නි)