ආරක්ෂිත දුරස්ථභාවය තබාගනිමින් දහස් ගණනක් ඊශ්‍රායල වැසියෝ දූෂණ චෝදනා එල්ල වී ඇති ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට එරෙහිව එරට අගනුවරදී විරෝධතාවල නිරත වූහ .
තෙල් අවීව් අගනුවර රබීන් චත්‍රරශ්‍රය ආසන්නයේ පැවැති විරෝධාතවයට දහස් ගණනක් පැමිණි බව රොයිටර්ස් පුවත් සේවය ඉරිදා වාර්තා කර තිබිණි.
කෙසේ නමුත් විරෝධාතවලට පැමිණියේ 2,000කට ආසන්න පිරිසක් යැයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මේ වනවිට සිය බලය ආරක්ෂා කරගැනීම සඳහා එරට දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පවත්වමින් සිටී. පසුගිය වසරේ ගත වූ කාලයේදී ඊශ්‍රායලයේ මහ මැතිවරණ තුනක් පැවැති ඉන් එකදු මැතිවරණයකදී හෝ බහුරත බලය ලබාගැනීමට කිසිදු දේශපාලන පක්ෂයකට නොහැකි විය. වසර එකහාමාරකට ආසන්න කාලයක් මුළුල්ලේ පවතින දේශපාලන අර්බුදයට තිත තැබීමේ අරමුණින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවේ කතානායක බෙනී ගන්ට්ස් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද වාර්තා වේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දූෂණ චෝදනා එල්ල වී ඇත . 70 වැනි වියේ පසුවන බෙන්ජමින් නෙදන්යාහු බලය තහවුරු කරගැනීමේ අරගලයක නිරත වී සිටී. අල්ලස් හෝ දූෂණ චෝදානවලට අමතරව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට තවත් චෝදනා රැසක් එල්ල වී ඇත.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා තමන්ට එල්ල වන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.
‘කොවිඩ්-19’හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊශ්‍රායලය දැඩි සීමා පනවා ඇත. විරෝධතා පැවැත්වුණේ එම සීමා මධ්‍යයේය. විරෝධතාකරුවෝ ආරක්ෂිත දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් විරෝධතාවල නිරත වූහ. ඔවුහු මුඛ ආවරණ ද පැළැඳ සිටියහ.
අද පස්වරු වනවිට ඊශ්‍රායලයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 13,600 ඉක්මවා ගොස් තිබූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 173ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
ප්‍රෙස් ටී.වී. - ඡායාරූපය ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායලයේ මීටරයක් දුරින් විරෝධතා