මේ වසර අගදී ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන මැදපෙදරදිග සාමය පිළිබඳ සම්මන්ත්‍රණය සඳහා සහභාගීවීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එය පලස්තීනයේ අරමුණවලට ඍජුව එකඟවීමක් බවද ඔවුහු කියති.
ජෙරුසෙලමේ පැවැති රැස්වීමකදී අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රාජ්‍ය තාන්ත්‍රික උපදේශක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ වැඩබලන උපදේශක පියරේ විමන්ට් සඳහන් කළේ 2014 දී බිඳ වැටුණු සාකච්ඡා නැවත පණ ගැන්වීමට ඊශ්‍රායලයට කිසිවක් කිරීමට වුවමනාවක් නැති බවයි.
ඊශ්‍රායල් අගමැති කාර්යාලය නිවේදනයකින් සඳහන් කර ඇත්තේ පැහැදිලි ක්‍රමවේදයක් මත පලස්තිනය හා ඊශ්‍රායල බලධාරීන් ඍජු එකඟතාවයකට පැමිණ සාම ක්‍රියාවලියට ළඟාවීම සිදුකළ යුතු බවයි.
ප්‍රංශ විදේශ ඇමැතිවරයා කියා සිටින්නේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවයි.
ප්‍රංශය යළි යළිත් උත්සාහ කරනුයේ පසුගිය ජූනි මාසයේ එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ අරාබියේ ප්‍රධාන රටවල් එක්ව ඊශ්‍රායලය සහ පලස්තීනයේ සහභාගීත්වයෙන් තොරව කළ සාම සාකච්ඡා යෝජනාවලියට අලුතින් හුස්ම පිඹීමට මේ වසරේදී කටයුතු කිරීමටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd