IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායලයේ අනවසර පදිංචි කිරීම්වලට එරෙහිව බ්‍රිතාන්‍යය යෝජනා සම්මත කරයි

ඊශ්‍රායලය කරන අනවසර පදිංචි කිරීම්වලට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගත්තේය. එපමණක් නොව ඊශ්‍රායලය විසින් කරන එවැනි ක්‍රියා නවත්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2334 යෝජනාව ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබිණි.
පලස්තීන භූමියේ ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පැවැති විවාදයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අදාළ යෝජනාව සම්මත කරගත්තේය. මෙම විවාදය කලින් යොදාගත්තකි. යුරෝපා පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා විය.
ඊශ්‍රායල පාර්ලිමේන්තුව පසුගිය දිනෙක පලස්තීනයට අයත් පෞද්ගලික භූමියක ජනාවාස 4000ක් ඉදිකිරීම සඳහා අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි නීතියක් සම්මත කරගත්තේය.
ඊශ්‍රායලයේ මෙම ක්‍රියාවලට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම වත්මන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පවා තමන්ගේ විරෝධය පළ කළේය. එක්සත් රාජධානිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රටවල් 15 න් අංක 2334 යෝජනාවට සහාය දුන් සාමාජික රටවල් 14 අතුරින් එකකි.

265
 
 



අදහස් (18)

ඊශ්‍රායලයේ අනවසර පදිංචි කිරීම්වලට එරෙහිව බ්‍රිතාන්‍යය යෝජනා සම්මත කරයි

ශෙහාන් Sunday, 12 February 2017 09:32 AM

හර්ෂෙ, ඔබ කරුණු අවබෝධතාවක් නැතුව කතා කරනවා. ඔයා අවුරුදු 60 කට එහා පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් බැලුවොත් වටහාගන්න පුළුවන් වේවි. එතකොට ඊශ්‍රායල් එකක් මේ ලෝකෙවත් නැහැ. (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Saturday, 11 February 2017 06:03 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විරුද්ධත්වය පවා ගණන්නොගත් උද්දච්ච ඊශ්‍රාලයේ ගමන නැවැත්වීමට මෙවන් යෝජනාවකින් පුලුවන් වෙයිද..? අනෙක, ලෝකෙට ලොක්කා වන ඇමෙරිකාවේ පුර්ණ සහයෝගයෙන් කටයුතු කරනා ඊශ්‍රාලය මොන වගේ අසාධාරණයක් කාට කළත් එය සාධාරණය කරන්න තරම් ඔවුන්ගේ අතකොලු මාධ්‍යයන් සැදී පැහැදී සිටිනවා කියනඑක තතුදත් උදවියට රහසක් නොවේ. (නි)

:       0       0

මහී Saturday, 11 February 2017 06:25 AM

එක්සත් ජාතීන්ගේ බලවත්ම පිරිස වන ආරක්ෂක මණ්ඩලය මේ තරම් ප්‍රබලව ඊශ්‍රායලයට විරුද්ධ වෙද්දීත් ඊශ්‍රායෙලය තමන්ට උවමනා දේ කරගෙන යනවා. ඒකෙ අනු මණ්ඩලයකින් බාගෙට ටිකක් වැඩියෙන් අපට විරුද්ධව යෝජනාවක් සම්මත කළත් අපි වෙවුලනවා. අපි ලෝකෙට ණයවෙලා වැඩි හින්දද? හිඟා කන්න නම් ලොකු රටවල හොඳ හිත තියාගන්න ඕනෑ හින්දද? (නි)

:       0       0

අබය Saturday, 11 February 2017 06:43 AM

ඔන්න දැනුයි ලෝකයේ නියම ත්‍රස්තවාදියා කවුද කියලා බය නැතුව ඉදිරිපත් වෙන්නේ. හේතුව? මොළේ තියෙන උදවියට අවබෝධ වේවා..... (නි)

:       0       0

සුනිල් Saturday, 11 February 2017 07:58 AM

මෙහෙම එ්වා අපේ රට වෙනුවෙනුත් අනුමත වෙන්න තිබුනා. මේවා අපිටත් එන්න තිබුණා. මහින්ද මහත්තයා නොහිටින්න එහෙම වෙන්නත් තිබුණා. ඊශ්‍රායල් රට අපේ රට වගේ තුනෙන් පංගුවක්. (නි)

:       0       0

හර්ෂ Saturday, 11 February 2017 08:12 AM

ඊශ්‍රායලය මෙහෙම කරන්න හේතුවක් තියෙනවා. ඊශ්‍රායලය වටේට ඉන්න රටවල් ඊශ්‍රායලයට පහර දී අල්ලාගැනීමට උත්සහකරද්දී ඊශ්‍රායලය කරන්නේ ප්‍රතිප්‍රහාර දීම විතරක් නොව පහරදුන් අයගේ රටවලින් කොටසක් අල්ලා ගන්න එක. මේ විදියට ප්‍රතිපත්තියක් නැතුව ඊශ්‍රායලය වැනි රටකට එන්න අමාරුයි. හේතුව වටේම ඉන්නේ හතුරු රටවල්. (නි)

:       0       0

කුමාර් Saturday, 11 February 2017 08:19 AM

කලක් යනකොට ලංකාවට වෙන්නෙත් මේකම තමා. ඊශ්‍රායලයට අවුරුදු 4,000 ක ඉතිහාසයට හිමිකම් කියන මව්බිම වෙනත් අය අල්ලාගත්තා වගේ, අවුරුදු 2,000 ක ලක්බිමත් ඉන්දියානු ව්‍යාප්තවාදයට යටත්වේවි. (නි)

:       0       0

බමුණුසිංහ Saturday, 11 February 2017 08:27 AM

ඒ පාර මොවුනුත් අනික් මිනිසුන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න පටන් අරගෙන. එ් මිනිසුන්ගේ වැඩ ඒ මිනිස්සු බලාගනී. නුඹල නුඹලාගේ වැඩ බලාගන්න. (නි)

:       0       0

බමුණුසිංහ Saturday, 11 February 2017 08:27 AM

මෙන්න පාර්ලිමේන්තුව තුල වාඩිවෙන ක්‍රමය. එ්කට අපේ දුප්පත් රටේ? ගෙදර ගෝනිය බිම එලාගෙන වාඩි වුණ අය පාර්ලිමේන්තුවට ඇවිත් සැප පුටුවල වැඩිවෙලා. (නි)

:       0       0

බමුණු Tuesday, 14 February 2017 02:29 PM

ඔයා අවුරුදු 60 කට එහා පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් බැලුවොත් වටහාගන්න පුළුවන් වේවි. එතකොට ඊශ්‍රායල් එකක් මේ ලෝකෙවත් නැහැල්ලු එතකොට හීබෘ ජාතිකයින් කොහෙද හිටියේ. බයිබලයේ සඳහන් වන මෝසස් මොන ජතිකයක්ද? අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ ඊශ්‍රායල්ය 1200 BCE. ඉතිහාසයක් තිබෙන බවයි. (අ)

:       0       0

නිහාල් Saturday, 11 February 2017 10:09 AM

මෙයාල ඒ කාලේ අනුන්ගේ රටවල් වලට පැනලා අල්ලාගත් එකට වන්දි ගෙවන්නේ කවුද (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 14 February 2017 02:34 PM

වලිසිංහ එක අහන්න දෙයක්ද ඒ ලෝකයේ ලොකු ව්‍යාපාර කරුවන් සහ බුද්දිමතුන් ජූස්ල නිසා. ඊශ්‍රායලය ත්‍රස්තවාදී වැඩ කලේ ලෝකේ කාටද. පලස්තීන ජාතිකයින් සමග ඔවුනට ප්‍රස්න තිබෙනවා නමුත් ලෝකෙට ඔවුන්ගෙන් ප්‍රසන නැත. (අ)

:       0       0

ටෙෂාන් Saturday, 11 February 2017 07:25 PM

බලනකොට අනවසර පදිංචිකිරීමේ ප්‍රශ්න හැමතැනම (නි)

:       0       0

විජේ Sunday, 12 February 2017 02:07 AM

ලෝකයේ ප්‍රභලම රටක පාර්ලිමේන්තුවේ හැටි මේ ඡායාරූපයෙන් දැකගන්නට හැක. එ්කටත් එක්ක... ලෝකයේ දුප්පත්ම, ණයබරින් මිරිකී සිටින, වංචා දුෂණය ඉහවහාගිය ජරාජීර්ණ වූ ශ්‍රී ලංකාව නම් දූපතේ මහා ගාම්භීර පාර්ලිමේන්තුවේ ඇති පහසුකම් කෙසේදැයි ඔබ හොඳින්ම දන්නවා ඇතිනේ. (නි)

:       0       0

සමරේ Sunday, 12 February 2017 07:11 AM

හර්ෂ, ඉතිහාසය දන්නේ නැත්නම් කාගෙන්හරි අහලා දැනගන්න. මේ ඊශ්‍රායලය පිහිටෙව්වේ 1948 ජර්මනියේ ඉදලා ආපු යුදෙව්වෝ ටිකක්. ඊට ඉස්සර පලස්තීනය මුස්ලිම් කිතුනු යුදෙව් තුන්ගොල්ලොම ජීවත්වුණා. යුරෝපයේ ඉන්න යුදෙව්වන්ට හිට්ලර් කරදර කරනවා කියලා මැදපෙරදිගට ගෙනවිත් දැම්මා. මේක හරියට ඇමරිකාවේ ඉන්න රතු ඉන්දියානුවන්ට ඇමරිකාව කරදර කරන නිසා ලංකාවට ගෙනවිත් දානවා වගේ වැඩක්. (නි)

:       0       0

ජයන්ත Sunday, 12 February 2017 07:13 AM

ඔය ඊශ්‍රායලය ලෝකේ කවුරුවත්ම කියන දේ අහන්නේ නැතුව අනුන්ගේ ඉඩම් සහ ගෙවල් බලෙන් අල්ලාගෙන යනවා. ලෝකේ ඉන්න හැම රටකින්ම වගේ යුදෙව් ජාතිකයන් ගෙනල්ලා ඒවායේ පදිංචි කරනවා. අපේ රටත් මේ වගේ දෙයක් වේවිද දන්නේ නැහැ ඉන්දියාවේ එට්කා ගිවිසුම අත්සන් කළාම. (නි)

:       0       0

සමන් Sunday, 12 February 2017 07:12 AM

යුදෙව්වෝ කියන්නේ ඒගොල්ලොන්ට දෙවියෝ ලියලා දුන්නා කියලා ඔය ඊශ්‍රායලය. කවුරුහරි ඇවිල්ලා අපටත් දෙවියෝ ලංකාව ලියලා දුන්නා කිව්වොත් අපටත් අකුලාගෙන තමයි යන්න වෙන්නේ. මෙහෙම දෙවියෝ අපට දුන්නා කියාගෙන අනුන්ගේ ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචි වුණාම හොඳට හිටීවි. (නි)

:       0       0

වලිසිංහ Sunday, 12 February 2017 07:17 AM

මේ දඩබ්බර ඊශ්‍රායලය කරන ත්‍රස්තවාදී වැඩ නවත්වන්න ලෝකෙට බැරි හැටි. ලෝකෙට ලොක්කා ඇමෙරිකාව ඔවුන්ට උදව් කරනවනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site