
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජයේ නියෝජිතයන් අතරේ සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වීමට නියමිතය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සටන් විරාම සාකච්ඡා ලබන 15 වැනිදා පැවැත්වෙන බවය.
සටන් විරාම සාකච්ඡා පැවැත්වෙන්නේ, ඇමෙරිකාව, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව මැදිහත් වෙමිනි. සටන් විරාම සාකච්ඡා සඳහා උනන්දුවක් දක්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය පවසා ඇත.
ඊශ්‍රායල හමාස් සටන් විරාම සාකච්ඡා පැවැත්වෙන්නේ ඊශ්‍රායල හමුදා හමාස් දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමෙන් පසුවය. සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නියෝජිතයන් සහභාගී කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හමාස් නව නායක යාහියා සින්වාර් පවසා ඇත.
ඊශ්‍රායල හමාස් අර්බුදය ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයකින් පසුවය. එම ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ යාහියා සින්වාර්ය. ඉස්මායිල් හානියේ මරා දැමූ ආකාරයට යාහියා සින්වාර් ද මරා දමන බවට ද ඊශ්‍රායලය තර්ජනය කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායලය සමග සාමයෙන් කටයුතු කරනවා හැරෙන්නට වෙන දෙයක් ඉතිරි වෙන්නෙ නෑ...මේ ත්‍රස්තවාදීන්..කොතන සැඟවිලා හිටියත් ...ඒවා හරියට හඳුනා ගෙන ප්‍රහාර එල්ල කරන්න පුළුවන් තාක්ෂණික දියුණුවක් ඊශ්‍රායෙලය සතුව තියෙනවා...ගිය බදාදා ඔවුන් "Ofek 13" කියන ඔත්තු බලන චන්ද්‍රිකාවක් දියත් කලා...ඒ නිසා දැන් පෙරට වඩා පැහැදිලි සතුරා ගැවසෙන තැන් දකිනවා...ඒ නිසා ත්‍රස්තවාදීන්ජට පුංචි හො රැකවරණයක් ලැබෙන්නෙ ජනතාව තුල සැඟවීලා සිටියොත් පමණි.